ඉම්රාන් ඛාන්ගේ පෙනීම 85%ක් අහිමිවීම ක්‍රිකට් ලෝකය කම්පා කරවයි

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසේ පෙනීමේ සම්භාවිතව 85%ක් අහිමි වී ඇති බවට වාර්තා වීමත් සමඟ ක්‍රිකට් ලෝකය තුළ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයට දැනුම් දී ඇති ආකාරයට, අක්ෂි රෝගී තත්‍ත්වයක් හේතුවෙන් ඔහුගේ දෘශ්‍යතාව බරපතළ ලෙස පහළ ගොසිනි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරන ලෙස අධිකරණය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඉම්රාන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මැදිහත් වෙමින් ක්ෂේත්‍රයේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඔහුට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු පවසා තිබෙන්නේ ඒ අතරතුරදීය.

ඔවුන් දේශපාලන පසමිතුරුකම් ද බැහැර කරමින් ඉම්රාන් වෙනුවෙන් උත්සහ කරමින් සිටින බව සඳහන් ය.

හිටපු වේගපන්දු යවන්නා, වසීම් අක්‍රම් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙම තත්ත්වය “හද කම්පා කරන” සිදුවීමක් ලෙස විස්තර කර තිබෙනවා.

දැනට බන්ධනාගාර ගතවී සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ පක්ෂය සහ ආධාරකරුවන්ද කනස්සල්ල පළ කර ඇති අතර, වහාම සුදුසු වෛද්‍ය පහසුකම් ලබාදිය යුතු බවයි ඉල්ලා ඇත්තේ.

Latest News

error: Content is protected !!