ජපානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කෙරෙන වෙළඳ ගිවිසුමක් (ත්‍රෛපාර්ශ්වික කොරිඩෝ සංකල්පයක්) සඳහා ජපානය විසින් සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා.
ලංකාවේ පිහිටීමේ පවතින උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ජපානය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා වන වෙළඳ ගිවිසුමකට ලංකාව සමඟ නුදුරේදීම එළැඹීමට නියමිතය.
ඒ අනුව, දැවැන්ත ඉන්දියානු වෙළද පොල ප්‍රමුඛ දකුණු ආසියානු වෙළද පොළ ඉලක්ක කරගත් ජපාන නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමත් ශ්‍රී ලංකාව හරහා එම නිෂ්පාදන බෙදා හැරීමත් ඉදිරියේදී සිදුවන බව වාර්තා වෙනවා.
මෙයට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ජපන් ව්‍යවසායන් ඇතුළත් වන අතර ඒවා ඉන්දියාවට සහ ඉන් ඔබ්බට අපනයනය කිරීමට අපේක්ෂිතය.මෙම මුලපිරීම ඔස්සේ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, ඛනිජ සම්පත් සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි නිෂ්පාදන ඉලක්ක කිරීමට නියමිත බව ද සඳහන්ය.
