විශ්වීය මට්ටමේ තරඟ නියෝජනය කිරීම සඳහා ජාතික මට්ටමේ හොඳම සොයා ගැනීම් හා තේරීම් සිදුකිරීමේ කලාවේ පිකාසෝ ලෙස ඔහු හැඳින්වූවාට වරදක් නැහැ.
Miss Universe Sri Lanka ජාතික අධ්‍යක්ෂක ලෙස ඔහු සිදු කරන්නේ එතරම්ම භාරදූර කාර්ය භාරයකි.
මුළු ලෝකයම විශ්වාස කරන තේරීම් සිදු කරන ඔහු නමින් බුද්ධික නිර්මාල් බණ්ඩාරය. මේ වන විට නිරූපන ක්ෂේත්‍රයට අදාළව ලෝකයම දන්නා බුද්ධික විශිෂ්ටත්වයට පත් වීමේ රහස කුමක්ද?
මෑතකදී ඔහු පළ කළ ෆේස්බුක් සටහනට අනුව විශ්ව රූ රැජින ජාතික අධ්‍යක්ෂවරයා දක්වා ආ ඔහුගේ ගමන සුරංගනා කතාවක් නම් නොවේ. බුද්ධික යනු මාළිගාවක් හැදීමට තරම් ගල් වැදුණු මිනිසෙකි. ගල් පහර කා වැටී සිටීම වෙනුවට පහර කාගෙනම මාළිගාවක් සැලසුම් කළ මිනිසෙකි.
2012 වසරේ නිරූපන ක්ෂේත්‍රයට පැමිණි ඔහු 2022 වසරේ ජ්‍යාත්‍යන්තර තරගයක ජාතික අධ්‍යක්ෂ බවට පත් වන්නේ ඒ අනුවයි.
මේ ඔහුගේ කතාවයි..
“මම ගෙදරින් එළියට බැස්සේ අවුරුදු 19 න් A/L කරාට පස්සේ. එදා ඉදන් අද වෙනකන් මං ගෙදරින් එක රුපියලක් අරන් ජීවත් වෙලා නෑ. කාටත් බරක් වෙලා නෑ. කාගෙවත් දෙයක් අරන් නෑ. කොටින්ම කිසිම කෙනෙක් ට ඉරිසියා කරලා නෑ.
මම නිරූපණ ක්ශේත්‍රට එන්නේ 2012 වර්ශයේ. මෙම වසරට අවුරුදු 14 ක්. මම ජාතික අධ්‍යක්ෂක වරයෙක් බවට පත්වන්නේ 2022 වර්ශයේ. කිසිම කෙනෙක් මට උදව් කරේ නෑ. ඕවා කරන්න බෑ කියලා මානසිකව වැට්ටුවා.
හැබයි මට එවෙලේ මුන ගැසුනා Geethapriya Samarasinghe සහ Kavinda Lesley , Sanka Prasad , Tharanga Harsha Kumara Prihan Gamage යන සහෝදරයන් . ඔවුන් මගේ ගමනට ශක්තියක් වෙලා මගේ ගමනට සහයෝගය දුන්නා. එදා පටන් ගත්ත ගමනේ සිට අද දක්වාම තිබුනේ කරන කරන හැම වැඩවලටම අපහස කරන කකුලෙන් අදින පිරිසක් මගෙ වටා ඇතිවීමයි.
ඔබ සෑම විටම ඔබව විශ්වාස කරන්න. ඔබට හතුරන් ඇතිවීම කියන්නේ, ඔබගේ සාර්ථකත්වයේ පටන් ගැන්මයි.
ඔබට ගහන ගල් එකතු කරලා මාලිගාවක් හදන්න සැලසුම් කරන්න. ඇත්තටම ඔබට අපහස කරන්නේ. ජීවිතයේ අසාර්ථකම මිනිස්සු. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ සැලසුම් කරන්න කාලයක් නැත. මොකද ඔවුන්ට අවශ්‍ය අනුන්ට දෙයක් කියලා තමන්ට ආතල් එකක් ගන්න. ඔවුන්ට එයට ඉඩ දෙන්න. කොච්චර පංසල් පල්ලි ගියාට දෙවියන් බුදුන් වැන්දට වැඩක් නෑ, හිතේ තියෙන්නේ කුණුනම්.
මිනිස්සුන්ට බොරු කරන්න එපා. ඔබ නිවරදි නම් , නිහඩව තමන්ගේ වැඩ කටයුතුවල නිරත වෙන්න. මොකද නිර්දෝෂී මිනිසෙකුට අපහස කිරීම සහ එවනි මිනිසුන්ට බොරුවට චෝදනා කිරීම වැනි පවක් මිහිපිට නොමැත. එය මිනිස් ඝාතනයක් හා සමාන වරදකි. සෑම විටම ස්වභාව ධර්මය සහ කර්මය විශ්වාස කරන්න. ඔබගේ ඇස් මනා පිටම ඔබට දැක ගන්න හැකිවේවි කර්මය විසින් ඔවුන්ට විපාක දෙන හැටි.
අවසන් වශයෙන් කියන්නම්. ඕනම කෙනෙක් ලගින් ආශ්‍රය කරන්න එපා. පරතරයක් ඇතුව ඇසුරු කරන්න. ඔබව විනාශ කරන්න දගලන්නේ ඔබ ලගම සිටි මිනිසුන් වන්නට පුළුවන්. බය වෙන්න එපා. ඔබ හිතට අවංකව ජීවත් වෙනවා නම්, ඔබ සාර්ථකයි.”
