බ්‍රිතාන්‍යයේ හිටපු York ආදිපාදවරයා වූ ඇන්ඩෘ මවුන්බැටන් වින්ඩ්සර් කුමාරයා වෙළඳ නියෝජිත (trade envoy) ලෙස කටයුතු කළ සමය සම්බන්ධයෙන් නව හෙළිදරව් කිරීම් රැසක් මධ්‍යයේ ඔහුට එරෙහිව සම්පූර්ණ විමර්ශනයක් සඳහා පීඩනය දැඩි වෙමින් පවතින බව වාර්තා වෙනවා
නව වාර්තා අනුව, ඇන්ඩෘ විසින් රාජ්‍ය තනතුර භාවිත කර ජෙෆ්රි එෆ්ස්ටීන් වෙත රාජ්‍ය රහස් තොරතුරු ලබා දී ඇති බවට බරපතල සැක සංකා මතුව තිබීම ඊට හේතුවයි. රාජ්‍ය අරමුදල් මත පවත්වාගෙන ගිය Royal Bank of Scotland බැංකුවේ සංවේදී තොරතුරු එෆ්ස්ටීන් සම්බන්ධ ව්‍යාපාරිකයන් වෙත ලබා දුන් බවට ඔහුට මේ වන වන විට චෝදනා එල්ල වෙමින් පවතී.
2001 සිට 2011 දක්වා කාලය තුළ ඇන්ඩෘ කුමාරයා බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් උසස් රාජ්‍ය භූමිකාවක් ඉටු කළ අතර එම භූමිකාවේ ප්‍රධාන අරමුණ වූයේ බ්‍රිතාන්‍ය ව්‍යාපාර විදේශ රටවල ප්‍රවර්ධනය කිරීම සහ විදේශ ආයෝජකයන් බ්‍රිතාන්‍යයට ආකර්ෂණය කිරීමයි.
නමුත් පසුව හෙළි වූ ඊමේල් අනුව, රජය විසින් නිල වශයෙන් සංවිධානය කළ යුතු විදේශ සංචාරයක සැලසුම් කටයුතු වලට ඔහු ජෙෆ්රි එෆ්ස්ටීන්ට සම්බන්ධයක් තිබූ පුද්ගලයින් හවුල් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
දෙදෙනාටම සමීප වූ ව්‍යාපාරික උපදේශකයෙකු සංචාර සැලසුම් කිරීමේදී සම්බන්ධ වී තිබූ බවත් එෆ්ස්ටීන් කැමති වූ සංවිධාන හෝ පුද්ගලයන් සමඟ රහසිගත හමුවීම් මෙම නිල වැඩසටහන්වලට ඇතුළත් කිරීමට ඔහු උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු බීජිං නගරයේ පිහිටි St Regis හෝටලයේ පැවති රාත්‍රී භෝජන හමුවකට සහභාගී කරවීමට එෆ්ස්ටීන් කටයුතු කර තිබූ බව ද එම ඊමේල් පණිවිඩවල සඳහන්ය.
වාර්තා අනුව, බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් චීනයට ගිය දින 10ක නිල සංචාරයේදී බීජිං නගරයේ පැවති රහසිගත රාත්‍රී භෝජන හමුවකට ඔහු මෙසේ සහභාගී වී ඇති අතර එහිදී ජනප්‍රිය චීන නිරූපිකාවක් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල වී තිබෙනවා. මෙම ඊමෙල් පණිවිඩ අතර ‘බ්‍රිතාන්‍ය දැන් මගේ අතේ තියෙන්නේ’ යනුවෙන් එෆ්ස්ටීන් සඳහන් කළ පණිවිඩ ද ඇතුළත් බව වැඩි දුරටත් වාර්තා වී තිබෙනවා.
