රුසියාව හා යුක්රේනය අතර යුද්ධය දිගටම පැවතීමත් සමඟ යුද්ධ ප්රදේශවල ජීවත්වන සුනඛයින් අතර ස්වභාවික වරණ ක්රියාවලිය වේගවත් වෙමින් පවතින බව පර්යේෂණයක් මඟින් අනාවරණය කර තිබෙනවා.
මෙම වෙනස්කම් ප්රමාණය විපත්කාලීන පරිසර පීඩනය සමඟ සමාන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. විද්යාඥයින් පවසන්නේ, යුද්ධය හේතුවෙන් ඇති වූ පරිසර වෙනස්කම්, ආහාර හිඟය, බෝම්බ ප්රහාර සහ අස්ථාවර ජීවිත තත්ත්වයන් නිසා බල්ලාන්ගේ හැසිරීම, ශරීර ආකෘතිය සහ ජීවිත රටාව වෙනස් වෙමින් පවතින බවයි.
පර්යේෂණයෙන් හෙළි වූ ප්රධාන කරුණු
– යුද්ධ ප්රදේශවල බල්ලන්ගේ ශරීර ප්රමාණය ක්රමයෙන් කුඩා වෙමින් පැවතීම
– දිගු මුහුණ, තියුණු කන් වැනි වල් සත්වයන්ට සමාන ලක්ෂණ වැඩි වී වීම
– ආහාර හිඟය නිසා බර අඩුවීම සහ සෞඛ්ය තත්ත්වය දුර්වල වීම
– බෝම්බ ප්රහාර හා අනතුරු හේතුවෙන් බොහෝ සතුන්ට ආබාධ සහ රෝග ලක්ෂණ ඇතිවීම
– මනුෂ්යයන්ගෙන් ඈත් වීම, දඩයමට යොමු වීම හා වල් සුනඛයින්ගේ තත්ත්වයට අනුගත වීම ආදී තත්ත්වයන් මෙම බල්ලන් තුළ වර්ධනය වෙමින් තිබෙනවා.
විද්යාඥයින් පවසන්නේ මෙය ජානමය (genetic) පරිණාමයක් නොව, කෙටි කාලයක් තුළ ජීවිත රැක ගැනීමට සුදුසු ලක්ෂණ ඇති සතුන් පමණක් ඉතිරි වීම නිසා සිදුවන ස්වාභාවික වරණ ක්රියාවලිය වන බවයි.
යුද්ධය හේතුවෙන් බොහෝ ගෘහස්ථ සතුන් අත්හැර දමා ඇති අතර කාලයත් සමඟ වල් බල්ලන්ගේ හැසිරීම් වලට ඔවුන්ගේ හැසිරීම් පරිවර්තනය වෙමින් පවතින බව පර්යේෂකයින් කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.
