තරගාවලියේ වැඩිම ලකුණු පැතුම් නිශ්ශංකගෙන්
විස්සයි20 ලෝක කුසලානයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද(16) ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරගයට පළමුව මුහුණ දුන් ඔස්ට්‍රේලියානු පිළ ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ලකුණු 182ක අසීරු අභියොගයකි.
එහෙත් ශ්‍රී ලංකා ඉනිම විශිෂ්ට ලෙස ගොඩ නැගූ ශ්‍රී ලංකා ශූරයෝ තරගයේ 18වන පන්දුවාරයේම එම ඉලක්කය ළඟා කර ගැනීමට සමත්වුණේ කඩුළු අටක් ඉතිරිව තිබියදීය.
ශ්‍රි ලංකා පිළ ජයග්‍රහණය සඳහා මෙහෙයවූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු පනස් දෙකකදී ශතකයක් රැස් කරමින් සුපිරි පිතිහරඹයක් දැක්වු අතර එයට හයේ පහර 5ක් හතරේ පහර 10ක් ඇතුළත් වුණා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකරුවා ද ඔහුය.
එමෙන්ම කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 51ක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී මාවතට හැරවීමට ලබා දුන් දායකත්වය විශිෂ්ටය.
පන්දු 15කදී නොදැවී ලකුණු 28ක් රැස් කළ පවන් රත්නායක ද දක්ෂ පිතිහරඹයක නිරත වනු දැකගත හැකි වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ B කාණ්ඩයෙන් සුපිරි 8 වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, පරාජය හේතුවෙන් තරගාවලිය තුළ ඔස්ට්‍රේලියාවේ ඉදිරිගමන දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.
