කාවින්ද්‍යා අධිකාරි, අතුල-සමිතාගේ ආදරයේ ලස්සනම තෑග්ග වුණු කවීට ඒ සැනසීම ළං වුණේ ජීවිතේ අඳුරු කාල පරිච්ඡේද ගණාවකට පස්සේ.
විවාහය එක්ක කවී දැන් ඉන්නේ සැනසුම සතුට පිරුණු නිම්නයක. කවීට දැන් ආදරය පේන්නේ මෙහෙමයි. ආදරේ නිසා දුක් විඳපු හැම ආත්මයකටම කවීට වගේ සැනසීමක් දැනෙන්න ඕන කියලා හිතෙන තරමට ඇය සතුටෙන්.
“මම අඬපු ඒ හැම කඳුලකටම දෙවියෝ දුන්නු තෑග්ග තමයි මගේ මහත්තයා…”
රූපවාහිනී වැඩසටහනක් අතරේ කවී ඒ ගැන කිව්වේ මෙහෙම..
“Relationships ගත්තම මම මුලින්ම අම්මිට තමයි කියන්නේ. කවුරු හරි කොල්ලෙක් කතා කළත් කියනවා. ඉස්කෝල කාලේ I never had love affairs. ගෙදරටමයි ටියුෂන් ආවේත්. පන්තියකටවත් ගිහින් නැහැ පිට. After School තමයි මගේ Relationships පටන් ගත්තේ. අම්මි කවදාවත් බාධා දාන්නේ නැහැ. ආශ්‍රය කරල බලන්න අක්කි කියලා කියනවා. ආශ්‍රය කරල බලලා ඔයාට හොඳයි නම් එච්චරයි.
ඔයාව හැමදාම අඬවනවා නම්, ඔයා දුක් විඳිනව නම් ඔයා තීරණය කරන්න. මොකද අපි මල් වගේනේ හදලා තියෙන්නේ. ඔයාව අඬවන්න නෙමෙයි මම හදලා තියෙන්නේ. මම ඔයාව රැජිනක් වගේ හැදුවේ කියලා අම්මි කියනවා.
ඒ Relationships වගේ ගොඩක් තිබුණා. එකතැනකට ආවම මම හිතුව සමහර Relationships කියන්නේ නැහැ කියලා. මොකද ඇස්වහ කටවහ කියලා දෙයක් මම විශ්වාස කරනවා. ඒ නිසා මම ඒවා මං එක්කම තියාගත්තා. අම්මා තාත්තා සහ පවුලේ අයට පමණයි කිව්වේ. එතනින් එහාට කාටවත්ම කියන්නේ නැහැ කියලා ඒ දේ මම ඔළුවේ තියාගෙන හිටියා. ඒත් සමහර වෙලාවට හිත හොඳ වැඩිකමටද මන්දා ඔක්කොම කියනවා වෙලාවකට.
දනිඳුව හම්බවුණාට පස්සේ, මම හිතන්නේ ඒක දැනෙනවා. ඒ කෙනා ලයිෆ් එකට ආවට පස්සේ දැනෙනවා කියන එක මට දැනුණා.
මම බඳින්න හිටපු කෙනෙක් නෙවෙයි. මම කසාද එපා වෙච්ච කෙනෙක්. මම අම්මිටත් කියලා තිබ්බා. අම්මි සොරි මම කසාද බඳියි දරුවෝ හදයි කියලා හිතන්න එපා කියලා. මොකද මම අත ඇරලා හිටියේ. මගේ ලයිෆ් එකේ හර්ට් වෙන්න ඕන උපරිම මම හර්ට් වෙලා හිටියේ. අපි හඹා යන්නේ නැහැ. අපිට ඇට්‍රෑක් වෙලා එන ආදරේ තමයි හරිම ආදරේ. කෙනෙක් අපි වෙනුවෙන් අපේ ලයිෆ් එකට එන්න ඕන. එයා අපි නැති තැන අපිව විවේචනය නොකරන කෙනෙක් වීම අවශ්‍යමයි.
මම අඬපු ඒ හැම කඳුලකටම දෙවියෝ දුන්නු තෑග්ග තමයි මගේ මහත්තයා…”
