ඇමෙරිකාවේ රොඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ පොටකෙත් නගරයේ පිහිටි Dennis M. Lynch Arena ක්‍රීඩාංගණයේ පැවති උසස් පාසල් අයිස් හොකී තරගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් වාර්තා අනුව පවුලේ ආරවුලක් ඊට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් සැකකරු ද ඇතුළුව තිදෙනෙක් මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්ය. මිය ගිය අය අතර සැකකරුගේ බිරිඳ හා දරුවෙකුද සිටිනවා.
මෙම වෙඩි තැබීම සිදු වූයේ තරගය පැවැත්වෙමින් තිබුණු අතරතුරය. වෙඩි ශබ්ද ඇසීමත් සමඟ ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් කලබලයට පත්ව ආරක්ෂිත ස්ථාන වෙත පලා යාමට උත්සාහ කළ ආකාරය කැමරාවල සටහන් වී තිබෙනවා.
සිද්ධියෙන් පසුව සැකකරු වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් FBI ඇතුළු ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය පොදු ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාරයක් නොවන බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සිදු වූ රොඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ මීට මාස දෙකකට පමණ පෙර ද බිහිසුණු වෙඩි තැබීමක් සිදු වුණා. එම සිද්ධිය බ්‍රවුන් විශ්වවිද්‍යාලය තුළ සිදු වූ අතර එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු ඝාතනය වී තවත් නව දෙනෙකුට තුවාල සිදුවුණා.
