මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වු ජනප්‍රිය නළුවා දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නිදහස් කළ බව මත්‍තේගොඩ පොලිසිය පවසනවා.
පාට කුරුල්ලෝ, පිරිමි ළමයි ඇතුළු මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වන සැකකරු රැඳී සිටි ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී, ඔහු සන්තකයේ තිබී මත් ද්‍රව්‍ය වර්ගයක් හා ගංජා පෙති ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි මෙම රංගන ශිල්පියා බෝඩිම් කාමරයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් පිරිස අතර අනුරාධපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 සහ 28 වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකු සිටියි.
මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහස් තොරතුරක් මත පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි බෝඩිම් කාමරයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවෙකුගේ නිවසේ තිබී ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කූරියර් සේවාවක් (Courier Service) හරහා කොළඹ සිට අනුරාධපුරය දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර සහ සහකාර පොලිස් අධිකාරී එම්. ඩී. ඩී. නිලංග යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.
