ජයන්ත ධර්මදාස ශලනිව එක්ක ඕස්ට්‍රේලියාවේ ගියේ ක‍්‍රිකට් උගන්වන්නද..?? ක‍්‍රිකට් වල අලූ‍ත්ම ජාවාරමක්..

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය ක‍්‍රිකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසීය.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා තම පුද්ගලික හිතවතුන් 21 දෙනෙකු ගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රිකට් විධායක කමිටුවේ දාහතර දෙනකුට රුපියල් මිලියන 67 කට අධික මුදලක් වැය කර ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා චෝදනා කළේය.

හේශා විතානගේ මහතාගේ මාධ්‍ය හමුව – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිලිබද හෙලිදරව්ව.

Shalani Tharaka Cricket tour of Australia, 2022 – Sri Lanka Cricket tour of Australia, 2022

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!