පාකිස්ථානයේ ඉරණම තීරණය කරන පාකිස්ථාන – නැම්බියා තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ…

T20 ලෝක කුසලානයේ පාකිස්තානය හා නැම්බියාව අතර තරගය අද (18) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇති පරිදි එම තරගය ප්‍රේක්ෂකයින් වෙත නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ සඳහා කොළඹ SSC Grounds ක්‍රීඩාංගණයේ 5 සහ 7 දොරටු මහජනතාව සඳහා නොමිලේ විවෘත කරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දොරටු දහවල් 1.00ට විවෘත වන අතර තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වන තරගය මෙය වන අතර එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගයද වෙනවා.

මෙම තරගාවලිය තුළ පාකිස්ථානයේ ඉරණම තීන්දු කරන තරගය වන්නේ මෙයයි. සුපිරි 08 වටයට තේරීමට නම් පාකිස්ථානය නැම්බියාව සමඟ මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන්නකි. එබැවින් මෙම උණුසුම් තරගය නොමිලේ නැරඹීමට පැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ක්‍රීඩා රසිකයින්ට ඇරයුම් කර තිබෙන්නේ.

Latest News

error: Content is protected !!