මේ කතාව කියන්නෙ අලුත් පරපුරේ දක්ෂ ශිල්පිනියක්. ඇය ඩිලූෂා හංසිකා.. ආදරය කරද්දි ගැහැණු ළමයෙකුට වෙන්න පුළුවන් අත්වැරදීම් ගැන ළඟදි දවසක ඩිලූෂි මෙහෙම කියලා තිබුණා.
“සමහර ගෑණු ළමයි ඉන්නවා, මම කලුයි මම කැතයි, කොල්ලෙක් කැමති වෙන්නේ නැති වෙයි කියලා ඔය කොහේ හරි යන මොකෙක් එක්ක හරි යාලු වෙනවා.
අපේ ගෑණු ළමයි හරිම මෝඩයි ඒ අතින්.. හරිම නරකයි. එහෙම වෙන්න එපා තමන්ගේ Qulification හදාගන්න. Education එකද, Job එකද ඒ දේවල් හදාගන්න. එතකොට ඇත්තටම හොඳ Option එයි ඔයාලට.
Boy Friend දාලා ගියත් අනේ කමක් නැහැ. ඊට වඩා හොඳ මනුස්සයෙක් මම හොයාගන්නව කියන එක මිසක් අනේ මුළු ලෝකෙම ඉවරයි, මම දැන් මැරෙන්න යනවා කියන එකේදී කොහේවත් ඉන්න කොල්ලා තමයි Win කරන්නේ ඇත්තටම.
එහෙම නෙවෙයි අපට පුළුවන් වෙන්න ඕන. ඔයා ඕන එකක් කරගන්න. මට කොච්චර Option තියෙනවද කියන එක පෙන්නන්න. මම ඒක Practise කරපු දෙයක්.
මෙම හොයා ගත්තේ ඒ වගේ කෙනෙක්. මට වඩා හොඳයි කියලා තමත් කියන්න පුළුවන්. එයාව මට හම්බ වුණේ කොන්සර්ට් එකක්දි. පස්සේ අපි කතා බහ කරනකොට එයා ඩිසිෂන් ගන්න විදිය දැක්ක්ම මට හිතුණා එයා මට හොඳයි කියලා.
අපේ අම්මලා අපිව හැදිවේ මල් වගේ.. මම පවුලේ එකම ළමයා. මම හොඳට ඉගෙන ගත්තා. එතකොට පෙම්වතෙක් හොයාගන්න තැනදි මම හොඳට සැලකුලිමත් වුණා. අපි ලස්සනට හදාගත්ත ජීවිතේ කොහෙවවත් ඉන්න කොල්ලෙක්ට විනාශ කරන්න දෙන්නේ ඇයි? “
