A R රහ්මාන් ඩිජිටල් ලෝකයෙන් සමුගනී

ඔස්කාර් සම්මානලාභී නිර්මාපකයෙකු වන ඒ. ආර්. රහ්මාන් ‘රාමායණය’ චිත්‍රපටයේ ඔහුගේ කාර්යභාරයට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීම සඳහා දින 40 ක් ඩිජිටල් ලෝකයෙන් ඉවත් වීමට (digital detox) තීරණය කර තිබෙනවා.

චෙන්නායිහි පැවති සජීවී සංගීත ප්‍රසංගයකදී සමාජ මාධ්‍යවලින් තාවකාලිකව ඉවත්වන බව ප්‍රකාශ කළ රහ්මාන්, මෙම කාල සීමාවේදී ඔහුගේ අවධානය මුළුමනින්ම නිර්මාණශීලීත්වය වෙනුවෙන් කැප කිරීමට උත්සහ කරන බවයි පවසා ඇත්තේ.

අධ්‍යක්ෂ නිටේෂ් තිවාරි විසින් නිර්මාණය කරනු ලබන රාමායණය චිත්‍රපටය, ඉන්දියානු මහා කාව්‍ය ලෙස සැලකෙන ‘රාමායණය’ නව සිනමා ආකාරයකින් ඉදිරිපත් කරන විශාල ව්‍යාපෘතියක් ලෙස සැලකෙනවා.

2026 මාර්තු මාසයේදී චිත්‍රපටයේ නළුවන් හා කාර්ය මණ්ඩලය නිල වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර ඊට පෙර සංගීත නිර්මාණ කාලසීමාව සම්පූර්ණ කිරීමට රහ්මාන් දැඩි උත්සාහයක නිරත වන බවයි සඳහන් වන්නේ.

ව්‍යාපෘතිය සඳහා ඔහුගේ කැපවීම, රාමායණය චිත්‍රපටයේ සංගීතය අතිවිශිෂ්ට අත්දැකීමක් වනු ඇති බවට පෙන්නුම් කරන ඉඟියක් වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර තිබෙනවා.

Latest News

error: Content is protected !!