පකිස්ථාන ක්‍රිකට් ලොක්කා මොහ්සින් නවික්ටත් දැඩි බලපෑම්
කොළඹදී පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලකුණු 61 කින් ඉන්දියාවට පරාජය වීමෙන් පසු, පකිස්ථාන ක්‍රිකට් පරිපාලනයේ අර්බුද ගණනාවක් මතු වී ඇති ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් පකිස්තාන ක්‍රිකට් ආයතනයේ (PCB) සභාපති හා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නවික්ගේ ක්‍රියා කලාපය ද දැඩි ලෙස විවේචනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මොහ්සින් නවික්, ඉන්දියාවට එරෙහි තරඟයට පෙර මාධ්‍ය හමුවකදී පකිස්ථාන හමුදා නායක අසීම් මුනීර්ගේ නම සඳහන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු එරට හමුදාපතිවරයාගේ උදහසට ද ලක් වී ඇති බව සඳහන් වෙනවා.
නවික්ගේ එම ප්‍රකාශය, පාකිස්තාන ක්‍රිකට් ආයතනය ICC හෝ කිසිදු දේශපාලන අධිකාරියකට යටත් නොවන බව පෙන්නුම් කිරීම සඳහාත් තරගය පිළිබඳ විශාල මහජන අවධානයක් ලබා ගැනීම සඳහාත් සිදු කළ ප්‍රකාශයක් ලෙසටයි විවෙචනය වන්නේ. මෙහිදී ක්‍රිකට් සභාපති සිය පරිපාලනයේ දුර්වලතාවලට ආවරණයක් ලෙස හමුදාපතිවරයා යොදාගත් බවත් ඔහුගේ නම අනුමැතියකින් තොරව භාවිත කර ඇති බවටත් චෝදනා එල්ල වෙනවා.
වාර්තාවන ආකාරයට හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ද සඳහන්ය.
පකිස්ථාන හමුදාපතිවරයාගේ නම ඔහුගේ අනුමැතියකින් තොරව භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසයි සැලකෙන්නේ.
ඒ සඳහා හමුදාපතිවරයාගේ අනුමැතිය ලබා ගෙන නොමැති බවත් සඳහන්ය.
ඉන්දු පකිස්තාන තරගයෙන් ලැබූ පරාජයත් සමඟ ඔහුට එල්ල වී ඇති පීඩනය වැඩි වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා. පාකිස්ථානය මුලින් මෙම තරගය වර්ජනය කිරීමට උත්සහ කළ ද පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව මෙම තරගය පැවැත්වීමට තීරණය කර තිබුණා.
ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ද තීරණාත්මක මැදිහත්වීමක් සිදු කළ බවයි ඇතැම් පාකිස්තාන මාධ්‍ය ඇතුළු මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබුණේ.
