පොහොට්ටුවේ කාන්තා සංවිධානයේ සභාපතිනියත් ඒ අතර ඉන්නවා.. පුළුවන් නම් එක ඡායාරූපයක් දාන්න..
සමාජ මාධ්‍ය හරහා භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
සමස්ත භික්ෂු ප්‍රජාව ඉලක්ක කරමින් මේ වන විට විවේචන එල්ල වන බවත් තමන් වහන්සේ කාන්තාවන් 45,000ක් ආශ්‍රය කරනු ලැබූ ස්වාමීන් වහන්සේ නමක් බවයි උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ.
හැකි නම් ඒ සම්බන්ධයෙන් එකදු හෝ ඡායාරූපයක් ඇත් නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට අභියෝගයක් ද උන්වහන්සේ විසින් සිදු කර තිබෙනවා.
වඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,
“මේ රටේ ඇති වන එක පැත්තකින් ආගම් සෝදා පාලුව, අපේ සංස්කෘතිය, ඒ වගේම ඇතැම් ජනමාධ්‍ය, සමාජ මාධ්‍යවල ඉන්න සත් පුරුෂයින් ගහන ඇනුම් බැනුම් මෙන්න මේවා අද එන්න එන්නම වැඩි වෙනවා. මුලින්ම අපි කියන්න කැමති ඇයි ඔබලා අපිට මෙච්චර බය වෙලා ඉන්නේ? අපි ආණ්ඩු පෙරළන්න, අලුත් ආණ්ඩුවක් පත් කරන්න තියෙන සමුළුවක් නෙවෙයි. මේකට කිසිම දේශපාලනඥයෙක් නෑ. අපි ආරාධනා කරලත් නෑ. සිව්වනක් පිරිසේ භික්ඛු, භික්ඛුණි, උපාසක, උපාසිකා මේගොල්ලන්ට ඇවිල්ලා පෙනී ඉන්න පුළුවන් රැස්වීමේදී. අද නාමල්ට බලය අරන් දෙන්න, සජිත් බලය අරන් දෙන්න, දිලිත්ට බලය අරන් දෙන්න රාජපක්ෂ නිකායේ ඇතිකරගෙන අද මේ රට ගිනි තියන්න පෙරලන්න හදනවා කියන එක තමයි ඔය සමාජ මාධ්‍ය හරහා කරන්නේ.
සමහර සමාජ මාධ්‍ය කාරයෝ ඉන්නවා සිවුරු පොරවා ගත්ත. මේගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනකම් අපිට බනින එක තමයි කරන්නේ. බැනුම් අහනවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි අපිට ලේසි දෙයක්.
එක සමාජ මාධ්‍යක දාලා තියෙනවා මගේ පින්තූරයයි මගේ ජීප් එකක් ගත්ත නෝනා කෙනෙක්ගේ පින්තුරයයි. එයා නෝනා කෙනෙක් නෙවෙයි පොහොට්ටුවේ කාන්තා සංවිධානයේ සභාපතිනිය දාලා මඩ ගහන්න.
මම කාන්තාවෝ 45,000ක් ආශ්‍රය කරනවා. පුලුවන් එක්කෙන්ක්ව දාලා පෙන්නන්න…”
