2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටි පාකිස්ථානය හා නැම්බියාව අතර තරගයෙන් ලකුණු 102 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් පාකිස්ථානය සුපිරි 08 දෙනාගේ වටයට පිවිසුණා.
පාකිස්ථානය පළමුව පන්දුවට පහර දෙමින් ඕවර් 20 අවසානයේ කඩුලු තුනක් බිඳ වැටී ලකුණු 199ක් රැස් කරගැනීමට සමත් වුණා. එම ලකුණු රැස් කර ගැනීමේ දී සහිබ්සාදා ෆර්හාන් නොදැවී පන්දු 58කදී ශතකයක් රැස් කරමින් පකිස්ථාන ඉනිමට විශාල දායකත්වයක් ලබා දුන්නා.
කෙසේ වෙතත් පාකිස්ථානය ලබා දුන් අභියෝගය ජය ගැනීමට නැම්බියාවට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණු 200ක ඉලක්කයක් හඹාගිය නමීබියා කණ්ඩායමට ඕවර් 17.3කදී ලකුණු 97කට පමණක් සීමා වීමට සිදු වුණා.
පසුගිය තරඟයේ ඉන්දියාවට පරාජය හමුවේ පසුබෑමකට ලක් වූ පාකිස්තාන කණ්ඩායමට නැවත විශාල විශ්වාසයක් ඇති කර ගැනීමට මෙම ජයග්‍රහණය හේතු වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
