ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගයේ ප්‍රවේශපත් විකිණී අවසන්.. දහවල් 12.00සිට ගේට්ටු විවෘතයි

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය සඳහා වන තරඟ ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, මෙම තරඟය සඳහා ටිකට්පත් කවුන්ටර වෙත පැමිණීමෙන් හෝ අන්තර්ජාලය හරහා ටිකට්පත් මිලදී ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය අද (19) පස්වරු 3:00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ප්‍රවේශපත්‍ර වෙන් කර ගත් ප්‍රේක්ෂකයින් ප්‍රවේශපත්‍ර දොරටුවල තදබදය වළක්වා ගැනීම සඳහා තරගය ආරම්භ වීමට පෙර ඉක්මණින් පැමිණෙන ලෙස ද ඔවුන් දැනුම් දී තිබෙනවා.

නරඹන්නන්ට කලින් ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා දහවල් 12:00 ට ගේට්ටු විවෘත කරන බව ද සඳහන්ය.

Latest News

error: Content is protected !!