විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික A වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ඒ මෙතෙක් තරගාවලියේ රැකගෙන ආ අපරාජිත බව ද අහිමි කරගනිමින්ය.
සිම්බාබ්වේ කණ්ඩායම එම ගෞරවය රැකගෙන තරගාවලිය පුරා සියලුම තරග ජයගනිමින් අපරාජිත බව තවදුරටත් රැක ගැනීමට සමත් වීමද විශේෂත්වයකි.
ඔවුන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ සියලුම තරග ජයගෙන ඇති අතර මෙම ජයග්‍රහණය සමඟ සිම්බාබ්වේ පිළ පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් අදියරේ තරග 3ක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මීට පෙර සුපිරි 08 වටයටද සුදුසුකම් ලබා සිටි ඔවුන් ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගැනීමටද සමත් වුණා.
කෙසේ නමුත් මෙම තරගය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ද සිටියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගෙනයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පිළට ලකුණු 179ක අහියෝගයක් ලබා දුන්නා.
ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේ දී (19.3) එම ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.
සිම්බාබ්වේ ජයග්‍රහණයේ නියමුවන් වූ බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් රැස්කළා.
එමෙන්ම නායක සිකන්දර් රාසා පන්දු 26කට පමණක් මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 45ක් රැස්කිරීමද සිම්බාබ්වේ පිළට විශාල ශක්‍තියක්වුණා.
