චීනයේ ආකර්ෂණීය සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් Live Stream එකක් අතරතුර අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.
ඇය මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ Live Stream එකක් අතරතුරදීය. එම අවස්ථාවේ ඇය භාවිත කළ ‘Beauty Filter’ එක ඉවත් වීම නිසා මෙම අසීරු තත්ත්වයකට මුහුණ දුන් බවයි වාර්තා වන්නේ.
ෆිල්ටරය ක්‍රියාත්මක නොවුණු අවස්ථාවේ ඇය එතෙක් සඟවාගෙන සිටි බව කියන ඇගේ සැබෑ රූපය අනාවරණය වීමෙන් මෙම තත්ත්වය උදා වී තිබෙනවා.
මේ අවස්ථාවේදී එම වීඩියෝව වෛරල් වීමෙන් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි සිටි Follwersලා 140,000ක් පමණ ඇය Unfollow කර ඇති බව ද වාර්තා වුණා.
බියුටි ෆිල්ටර්ස් සෑම විටම ඇයට දිදුලන සමක්, පැහැදිලි ලස්සන ඇස් සමඟ තරුණ පෙනුමක් ලබා දී තිබුණා. එහෙත් අහම්බෙන් එය වෙනස්වීමෙන් පසු ඇගේ සාමාන්‍ය පාට, මුහුණේ සැබෑ ස්වභාවය පැහැදිලිව දැක ගත හැකි වීමෙන් ඇගේ Fullowersලා කලකිරීමට පත් වූ බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය දෙකට බෙදුණු බවත් එක් පාර්ශවයක් බියුටි ෆිල්ටර් නොමැතිව ඇය සුන්දර බව ප්‍රකාශ කර තිබූ බවද වාර්තා වෙනවා.
එහෙත් අනෙක් කණ්ඩායම පවසා ඇත්තේ මෙතෙක් කල් කළ බොරුව ගැන කළකිරුණු බවකි.
