දෘශ්‍යමාන තුවාල නොමැති තාක් කල් ගෘහස්ථ හිංසනය නීතිගත කරමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය දණ්ඩ නීති සංග්‍රහයට නව රෙගුලාසි එක් කර ඇතැයි වාර්තා වෙනවා.
මේ අනුව දැනටමත් එරට ක්‍රියාත්මක වන කාන්තා හිංසනය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි සඳහන් වන්නේ.
නවතම රෙගුලාසි ඔස්සේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කරමින් විවාහක කාන්තාවන් සැමියන්ගේ දේපළක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ යටතේ ස්වාමිපුරුෂයන්ට භාර්යාවන්ට “දඬුවම්” කිරීමට අයිතියක් ඇති අතර එය කාන්තාවකට අධිකරණයේදී ඔප්පු කිරීමට කිසිදු ඉඩක් ඉතිරි නොකරන බව ද සඳහන්ය.
පවතින සීමාව යටතේ කාන්තාවකට තම කැළැල් අධිකරණයට පෙන්වීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම භාරකරුවෙකු නොමැතිව ඇයට විනෝදය තහනම්ය.
විවාහක කන්තාවන්ගේ භාරකරු සැමියා බැවින් භාරකරු හා අපරාධකරු සමාන වීමද මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.
ජෝර්ජ්ටවුන් කාන්තා ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වා ඇති පරිදි 32 වන වගන්තියට අනුව “සැමියෙකු තම බිරිඳට අධික ලෙස පහර දීමෙන් අස්ථි බිඳීමක්, තුවාලයක් හෝ ඇගේ ශරීරයේ තැලීම් ඇති වුවහොත් සහ බිරිඳ විනිසුරුවරයා ඉදිරියේ ඇගේ ප්‍රකාශය ඔප්පු කළහොත් පමණක් සැමියා අපරාධකරුවෙකු ලෙස සලකනු ලබනවා.
විනිසුරුවරයා ඔහුට එරෙහිව නියම කළයුතු දඬුවම වන්නේ දින 15ක සිර දඬුවමකි.
තලේබාන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින ඛේදජනකම තත්ත්වය වන්නේ කාන්තා අයිතීන්ට වඩා සතුන්ට ඇති අයිතිය එමඟින් තහවුරු කර දි තිබීමයි.
සතුන්ට හානි කිරීම දැඩි දඬුවම් හිමිවන වරදක් බව එමඟින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම කාන්තාවක් අවසරයකින් තොරව නිවසින් පිටව ගියහොත් ඇයට තලේබාන් පාලනය යටතේ මාස තුනක සිර දඬුවමකට යටත් වීමට සිදු වන බව වැඩි දුරටත් සඳහන් වෙනවා.
