නීතිය ස්වභාවික ක්‍රියාත්මක වීමට ඉඩදෙන බව කියයි..
ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එෆ්ස්ටීන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෲ කුමාරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් III වන චාල්ස් රජු ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ නීතිය ස්වභාවික ක්‍රියාත්මක වීමට ඉඩ තැබිය යුතු බවයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට රජ පවුල කිසිදු ආකාරයකින් බලපෑමක් සිදු නොකරන බව රජු එමඟින් අදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් හොබවමින් එෆ්ස්ටීන් සමඟ ගණුදෙනුවලදි බ්‍රිතාන්‍ය රජයේ රහස් ඔහුගේ හිතවතුන් වෙත ලබා දී තිබුණු බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊයේ දිනට ඔහුගේ 66වැනි උපන්දිනය යෙදී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ඇන්ඩෲ, රාජකාරි තනතුරක් අයුතු ලෙස භාවිතා කළ බවට සැක පළ වන පුවත තමාට දැනගන්නට ලැබුණු බවත් විශාල කණස්සල්ලක් පවතින බවත් චාල්ස් රජු එහි සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
