එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ ඔහු විසින් පනවා තිබූ තීරුබදු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන ලෙස මෙම නව බද්ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්වෙනවා.
IEEPA යනු ජාත්‍යන්තර හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපතිවරයාට විශේෂ ආර්ථික බලතල ලබාදෙන පනතක් වන අතර, එය භාවිත කරමින් විදේශීය රටවල් හෝ පුද්ගලයින් වෙත බලපාන ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට ට්‍රම්ප්ට බලය ලැබේ. කෙසේ වෙතත්, අදාළ නීතිය යටතේ තීරුබදු පැනවීමේ බලය සම්බන්ධයෙන් මුල සිටම නීතිමය විවාදයක් පැවතුණා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වූයේ අදාළ තීරණය මඟින් ජනාධිපතිවරයාට තීරුබදු පැනවීමට බලය පවරන්නේ නොමැති බවයි. ට්‍රම්ප් මෙම තීන්දුවෙන් බෙහෙවින් ප්‍රකෝප වූ අතර තමා දැඩි කළකිරීමට පත් වූ බවයි පැවසුවේ.
රටට හරි දේ කිරීමට ධෛර්යයක් නොමැති වීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව ඔහු පවසා තිබෙනවා. මෙම තීරණය දීමට මැදිහත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ද ට්‍රම්ප්ගේ විවේචනයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම එම තීන්දුවට පක්ෂව මත පළ කර විනිසුරුවන් දේශ ප්‍රේමීන් බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇති බව සඳහන්ය.
