ජනප්‍රිය බ්‍රිතාන්‍ය ටීවී තරුව සැමියාට වස දීලා..

විශාල සමාජ මාධ්‍ය අනුගාමික සංඛ්‍යාවක් සිටින බ්‍රිතාන්‍ය රූපවාහිනී තරුවක් වන අමැන්ඩා ජෙෆ්රි (Amanda Jeffrey) ස්පාඤ්ඤයේ මාලෝර්කා දූපතේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වාර්තාවලට අනුව ඇය ඇය තම සැමියාට බලවත් නිද්‍රාකාරක (tranquillisers) මිශ්‍ර කළ පානයක් ලබාදී ඔහු මරාදමීමට උත්සාහ කළ බවට සැක කරමින් ස්පාඤ්ඤ පොලිසිය බදාදා (18) ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, ව්‍යාපාරිකයෙකු වන ඇයගේ සැමියා මාලෝර්කාහි ඔවුන්ගේ නිවස තුළදී තමන්ට හිතාමතාම විෂ දී ඇති බව විශ්වාස කරන බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුවය.

සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ චෝදනා පිළිබඳව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වාර්තා වෙනවා.

ජෙෆ්රි විසින් නිවසේදී සකස් කරන ලද වයින් වීදුරුවක් පානය කිරීමෙන් පසු තමාට අසනීප ගතියක් දැනෙන්නට පටන් ගත් බව සැමියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

හෝටලයකින් ඇයට තෑග්ගක් ලෙස බීම වර්ග කිහිපයක් ලැබුණු බව ජෙෆ්රි ඔහුට පැවසූ බවත් ඒවා පානය කිරීමට ඔහුට බල කළ බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් ගෙන ඇති අතර ඇයගේ අන්තර්ජාල අනුගාමිකයින් අතරද උණුසුම් ප්‍රතිචාර සඳහා හේතුවී තිබෙනවා. ඇයට ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයින් 400,000 කට ආසන්න සංඛ්‍යාවක්, ෆේස්බුක් හි 60,000 ක් පමණ සහ යූ ටියුබ් හි ග්‍රාහකයින් 6,700 කට වඩා සිටින බව සඳහන්ය.

Latest News

error: Content is protected !!