USS Abraham Lincoln වෙත සහාය දීමට USS Gerald R. Ford නෞකාවත් ඉරානය දෙසට යවයි
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව යුද්ධයකට සූදානමින් සිටින අතරතුර තවත් විශාල නෞකාවක් ඇතුළු ඇමරිකානු යුධ බලකායක් ඉරානය දෙසට යොමු කර ඇති බව වාර්තා වෙනවා.
ලෝකයේ විශාලතම සහ බලවත්ම ගුවන්යානා ප්‍රවාහන නෞකාව ලෙස සැලකෙන USS Gerald R. Ford නෞකාව ඒ අනුව එම කලාපයට ළඟා වෙමින් පවතින බව සඳහන්ය. එය අඟහරුවාදා වන විට කලාපයට ළඟාවනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.
USS Gerald R. Ford සහ එහි සහෝදර නෞකාව වන USS Abraham Lincoln සතුව පවතින අති නවීන යුධ ගුවන් යානා භාවිතා කර, ඉරානයේ පාලක මවුලවි නායකත්වයටත් ඔවුන්ගේ ආරක්ෂක පද්ධතිවලටත් ප්‍රහාර එල්ල කිරීම අමෙරිකාවේ අරමුණ වී තිබෙනවා.
යුධ ගුවන් යානාවලට දිගු දුර මෙහෙයුම්වලදී ගුවනේදීම ඉන්ධන ලබාදෙන “flying tankers”, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය අසල හඳුනාගෙන ඇති බව ද වාර්තා වෙනවා. මෙය විශාල ප්‍රහාරක මෙහෙයුමක් සඳහා පසුබිම සැකසීමක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ සාකච්ඡාකරුවන් ඔහුගේ න්‍යෂ්ටික වැඩසටහන විසුරුවා හැරීමට හෝ විරෝධතාකරුවන්ට එරෙහි ඔවුන්ගේ ලේවැකි මර්දනය අවසන් කිරීමට කරන ඉල්ලීම් දිගටම ප්‍රතික්ෂේප කරන පසුබිමක ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ඔහුගේ නව සාම මණ්ඩලයේ පළමු රැස්වීමේ මුලසුන හොබවමින් පැවසුවේ ඉරානයට දින දහයක කාල සීමාවක් පමණක් ලබා දෙන බවයි.
