ප්‍රතික්ෂේප වීම කියන පාඩමෙන් ජීවිතය පටන් ගත්තු පන්ච් කියන කුඩා වඳුරු පැටියාට පළමුවරට ආදරයේ උණුහුම දැනුණා කියන එක මේ වන විට ගෝලීය මාතෘකාවල් බවට පත් වෙලා.
ඉපදුණු ගමන් මව විසින් ප්‍රතික්ෂේප කළ නිසා පන්ච් කියන්නේ බිඳුණු දරුවෙක්.
2025 ජූලි 26 වන දින ටෝකියෝ අසල ඉචිකාවා නගර සත්වෝද්‍යානයේ උපත ලැබූ පන්ච් ආරම්භයේ සිටම සිතාගත නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නා.
ලෝකයට ඇතුළු වී දින කිහිපයක් ඇතුළත ඔහුගේ මව ඔහුව අතහැර දැමූ අතර ඔහුව ජීවත් කරවීම සඳහා සත්වෝද්‍යාන පාලකයින්ට මැදිහත් වීමට සිදුවුණා. රැකබලා ගන්නන් ඔහුට බෝතල්වලින් කිරි දී ඔහුව සමීපව නිරීක්ෂණය කළ අතර එම බිඳෙනසුලු පළමු සතිවල ඔහු දිවි ගලවා ගත් බව තහවුරු කර ගත්තා.
ඔහුගේ ශාරීරික සෞඛ්‍යය ස්ථාවර වුවත් දරුවෙකු ලෙස සොයන ආදරය කිසිම අයුරකින් වෙනස් වුණේ නැහැ. සත්ව උද්‍යානයේ මාමලා නැන්දලාට පන්ච්ගේ කූඩුවට සෙල්ලම් බඩු පිරවීමට සිදුවුණේ ඒ අනුවයි.
සෙල්ලම්බඩු ගණනාවක් අතරින් ඔහු තෝරාගත්තේ ඔහුට සමාන දුඹුරු සමක් තිබුණු සෙල්ලම් වඳුරු පැටියෙකි.
ඉන් පසු පන්ච් ඔහු සමඟ ගැඹුරු බැඳීමක් ඇති කරගත්තා. පන්ච් කොතනද සෙල්ලම් වඳුරු බෝනික්කාද ඔහු පසු පසින් සොහොයුරෙකු මෙන් බඳා වැළඳගෙන සිටියා.
මේ අතර සත්වෝද්‍යාන නිලධාරීන් ක්‍රමයෙන් පන්ච්ව විවිධ කණ්ඩායම් වලට හඳුන්වා දීමට උත්සාහ කර තිබුණා. ඒ සඳහා ඔහු උනන්දුවක් දැක්වුවත් ඔහුගේම කණ්ඩායම ඔහු නිතර ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වුණේ.
එහෙත් අවසානයේ රැහේ හදවතක් ඇති එක් තරුණ වැඳිරියක පන්ච්ට ඇගේ උණුසුම ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඇය ඔහුව ආදරයෙන් වැළඳගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කිසිවක් ඇදහිය නොහැකි, ප්‍රතික්ෂේප වීම් පිරුණු ලෝකය කුඩා වානර දරුවාට හදවතක් ඇති මවක් හිමිවීම හදවත බොහෝ බර කරන්නකි.
