ව්ලැදිමීර් පුටින්ගේ හමුදාවේ දූෂිත කප්පම් ජාලයක්.. අල්ලස් නොදුන්නොත් ‘Reset’ හෙවත් මරණය නියතයි

යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සටන්වලින් බේරීම සඳහා කුරිරු රුසියානු අණ දෙන නිලධාරීන් තම හමුදාවන්ගෙන් පවුම් 30,000 දක්වා අල්ලස් ඉල්ලන බව වාර්තා වී තිබෙනවා.

මේ බව වීඩියෝ දර්ශන මඟින් අනාවරණය කර තිබෙන්නේ ඩෙනිස් කොලෙස්නිකොව් නමැති රුසියානු සොල්දාදුවෙකු විසිනි.

ව්ලැදිමීර් පුටින්ගේ හමුදාවේ දූෂිත කප්පම් ජාලයක් සිය වීඩියෝ පටය මඟින් හෙළි කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

“හැමෝම අණ දෙන නිලධාරීන්ට ගෙවිය යුතුයි. යමෙක් මුදල් නොගෙවන්නේ නම්, ඔවුන් අනවශ්‍ය ලෙස සලකා යුධ පෙරමුණට යවනවා. එය ඔවුන් විසින් හඳුන්වන්නේ ‘Reset’ කරනවා යනුවෙනි.”

Reset යනු සොල්දාදුවන් අනිවාර්යයෙන් මරණයට කැප විය යුතු බව අවධාරණය කරනු ලබන ඉඟිය බවයි ඔහු පවසන්නේ.

“අපේ ඒකකයෙන් අඩකට වඩා අණ දෙන නිලධාරීන් විසින් Reset කළා. මම පෞද්ගලිකව කිහිප දෙනෙකු මරා දමන අකාරය දැක්කා.”

සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටින ගෙවීම් පවුම් 10,000 සිට පවුම් 30,000 දක්වා පරාසයක පවතින බව ද ඔහු අනාවරණය කරන ලද බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Latest News

error: Content is protected !!