විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ (Super 08) ශ්‍රී ලංකාව සහභාගී වන සියලුම තරග සඳහා ප්‍රවේශපත්‍ර සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බව වාර්තා වෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ප්‍රවේශපත්‍ර වේදිකාවේ ශ්‍රී ලංකාව සුපිරි 8 තරග “විකිණී අවසන් (Sold Out)” ලෙස සටහන් වී තිබෙනවා.
මේ අනුව තරගාවලියේ දෙවන වටය වන සුපිරි 08 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සඳහා ක්‍රීඩාංගණ අතුරු සිදුරු නොමැතිව පිරී යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
කෙසේ වෙතත්, සුපිරි 08 වටයේ අනෙකුත් කණ්ඩායම් සහභාගී වන තවත් සුපිරි 8 තරග කිහිපයක් සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව ද වාර්තා වෙනවා.
