දැඩි සීතල නායකයෙකුට තරම් නොවන බව ඔක්ස්ෆර්ඩ් සිසුන් ඉගෙන ගනු නියතය..
ලන්ඩන් නගරයේ පසෙකින්, සිය ඓතිහාසික ඔක්ස්ෆර්ඩ් දේශනයට වළ කපමින් හඬ නඟන විමුක්ති කොටියන්ගේ භීෂණයයි.
අනෙක් පසින් සෙල්සියස් අංශක 14 ත් 12ත් අතර උෂ්ණත්වය, වළාකුළු සහිත අහස, සිසිල් සුළං සමඟ තෙතමනය දනවන වටපිටාවයි.
ඒ කවර තත්ත්වයක් වුවද නොසැලෙන අධිෂ්ඨානය, දරා ගැනීම, අපසුබට උත්සාහය, වැටි වැටී නැගිටීම ප්‍රගුණ කරන නායකයෙකුට එතරම් වැදගත් නොවනු ඇත.
නැගී එන නායකයකුට සීතලට ජැකට් අවශ්‍ය නැත. ගෙලේ බැඳ ඇති සිය මුතුන් මිත්තන්ගේ පෞඩ අභිමානයේ සංකේතය වන කුරහන් සාටකය ඒ කවර තත්ත්වයක් හෝ දරා ගැනීමට ඔහුට ශක්තියකි.
කුමන තත්ත්වයක් යටතේ වුවත් කේම්බ්‍රිජ් දේශනය අවංගුව යද්දී පවා ඔක්ස්ෆර්ඩ් දේශනයට හිත හදාගෙන සිටින ඔහුගේ චිත්ත ධෛර්යය කිසිවිට අවතක්සේරු නොකරන්න.
වරක් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පාසලක දරුවන්ට ආසියාවේ නැගී එන නායකයා ලෙස පෙන්නුම් කළ ඔහු අද ඔක්ස්ෆර්ඩ් සරසවි සිසුන්ට ද ආදර්ශයක් ලෙස පෙන්නුම් කිරීමට නියමිතය.
එවැනි තත්ත්වයක හීතල යනු ඇඟේ හිරිගඩු පිපෙන දෙයක් හැර වෙන කවරක්ද?
