අමෙරිකාව අලි කමේනි සහ ඔහුගේ පුතා ස්වර්ගයට යැවීමේ මෙහෙයුමක…

ඉරානයේ ඉහළම නායකයා ලෙස සැලකෙන අලි කමේනි හා ඔහුගේ පුත් මොජ්ටබා කමේනි සෘජුවම ඉලක්ක කරන විකල්ප යුධ ක්‍රියාමාර්ගයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තාවලට අනුව ට්‍රම්ප්ට ඉදිරිපත් කළ යුධ සැලසුම් අතර එක් සැලසුමක් වන්නේ ඉහළම නායකයා, ඔහුගේ පුතා ඇතුළු ඉරාන පාලන අධිකාරිය මෙහෙයවන ඉහළම මවුලවිවරුන් ඉවත් කිරීමයි.

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු මේ බව තහවුරු කරමින් ට්‍රම්ප්ගේ තීරණය අලි කමේනි සහ ඔහුගේ පුතා මාර්ගයෙන් ඉවත් කිරීම බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තීරණය එක්සත් ජනපදය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.

යුධ ක්‍රියාමාර්ගය සඳහා අවතීර්ණ වීම සඳහා වන ඔහුගේ තීරණය ද මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තා වෙනවා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන ගිවිසුමට එළැඹීම සඳහා ට්‍රම්ප් මේ වන විට ඉරානයට දින10ක අවසන් කාල සීමාවක් ලබා දී තිබෙනවා.

එම පසුබ්මේ අමෙරිකාව ඉරානයට එරෙහිව යුද්ධයකට සූදානමින් ඔවුන් සතු විශාල ගුවන් ප්‍රවාහන නෞකා දෙකක් ඇතුළු ඇමරිකානු යුධ බලකායක් ඉරානය දෙසට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!