සුපිරි 08 පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් දරුණු පසුබෑමකට ලක් වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

එංගලන්තය සමඟ තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද එම පහසු ඉලක්කය හඹා යාමට කණ්ඩායමට හැකියාව ලැබුණේ නැහැ.

කඩුළු සියල්ල දැවී යාම අවසානයේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 95ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 51ක පහසු ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද (22) පැවති තරගයේ මෙම පරාජය T20 ලෝක කුසලාන තරගවලදී එංගලන්තය හමුවේ ලැබූ 6වන පරාජයයි.

අද තරගයත් සමග T20 ලෝක කුසලාන තරගවලදී දෙරට අතර තරග 7ක් පැවැත්වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

එමෙන්ම 2012 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවකදී එංගලන්තය පරාජය කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව වසර 14කින් බලාසිටි ජය මෙවරත් පරාජයකින් අවසන්කිරීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

Latest News

error: Content is protected !!