සිවිල් වැසියන් ඉලක්ක කළ පාකිස්ථානයට උත්තරයක් දෙන්න තලේබාන් රජය සූදානම්

නැගෙනහිර අෆ්ගනිස්ථානයට පාකිස්තානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර තලේබාන් රජය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

තලේබාන් විදේශ කටයුතු අමාත්‍යාංශය කාබුල් නුවරට පත්කර ඇති පාකිස්ථාන තානාපතිවරයා කැඳවා ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රහාර ඇෆ්ගනිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් නන්ගර්හාර් සහ පක්තිකා පළාත්වල සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ඇති බවයි. තලේබාන් රජය මෙය ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවත් ඇෆ්ගනිස්ථානයේ භෞමික අඛණ්ඩතාවයට හානි කර ඇති බවත් පාකිස්ථානයට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

තලේබාන් බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට මෙම ප්‍රහාරයෙන් නන්ගර්හාර් පළාතේ බෙහ්සුද් දිස්ත්‍රික්කයේ අවම වශයෙන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, පාකිස්ථානය සඳහන් කර ඇත්තේ ප්‍රහාර සැඟවුණු ත්‍රස්තවාදී ස්ථාන ඉලක්ක කර සිදු කරන ලද බවයි.

එම ඉලක්ක අතර Tehrik-i-Taliban Pakistan (TTP) සහ Islamic State – Khorasan Province (Daesh) කණ්ඩායම් ඇතුළත් බව සඳහන්ය.

මෙම ප්‍රහාරයට ආගමික පාසලක්, නිවාස කිහිපයක් ගොදුරු වී ඇති අතර කාන්තාවන් සහ දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඇෆ්ගන් ජාතික ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන රජයට බරපතල අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!