අවසානයේ නිතිපතා මැවූ පුවත්වලට තිත තබා ඔවුන් විවාහ වීමට යන බව විජය දේවරකොණ්ඩා හා රශ්මිකා මන්දනා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ප්රකාශයක් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන්ගේ ඉදිරි විවාහ උත්සවය “The Wedding of VIROSH” යනුවෙන් නම් කර ඇති බවයි.
“VIROSH” යනු ඔවුන් පෙම්වතුන් බවට මත පළ වෙද්දී රසිකයින් ආදරයට ඔවුන් දෙදෙනා හැඳින්වූ තනි වචනයයි.
ඉතින් ඔවුන් ඒ සඳහා කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ විවාහය ‘VIROSH’ යන නාමයෙන් හැඳින්වීමටයි කටයුතු කර ඇත්තේ.
“අපි අප වෙනුවෙන් කිසිවක් සැලසුම් කිරීමට පෙරම ඔබ අප සමඟ සිටියා. ඔබ අපට නාමයක් දුන්නා ‘VIROSH’ යනුවෙන්. ඒ නිසා ඔබට ගෞරවයක් වශයෙන් අපගේ එක්වීම‘The Wedding of VIROSH’ ලෙස නම් කිරීමට අප කැමතියි.”
ඒ අනුව ඔවුන්ගේ විවාහය සිදුවන්නේ
දිනය: 2026 පෙබරවාරි 26
ස්ථානය: උදායිපූර් හිදීය.
විවාහ උත්සවය උදායිපූර් නගරයේ ඓතිහාසික මාලිගාවක් ශෛලියේ ස්ථානයක පැවැත්වීමට නියමිත අතර සමීප පවුල් සාමාජිකයින් සහ විශේෂ ආරාධිතයින් පමණක් සහභාගී වන අභ්යන්තර උත්සවයක් ලෙස සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.සි
නමා කර්මාන්තයේ (තෙළිඟු/හින්දි) සගයන්ට ප්රධාන විවාහ උත්සවයට ආරාධනා කර නොමැති බව ද සඳහන්ය.
මේ අනුව මෑත ඉතිහාසයයේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි දැවැන්තම විවාහ උත්සවය “The Wedding of VIROSH” වීමට නියමිතය.
