එක්සත් රාජධනියේ ලන්ඩන් නුවර වයිට්චැපල් හි ආගමික ගැටුමකට තුඩු දුන් සිදුවීමක් සොක්ට්ලන්ඩ්යාඩ් පොලිස් නිලධාරිනියක් විසින් සමථයකට පත් කර ඇති ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශංසා ලැබෙමින් පවතී.
ආගම් අතර උණුසුම් ගැටුමකට මුල පිරුණේ ක්‍රිස්තියානි දේශකයකු විසින් බයිබලයක් ඇතිව ගෝස්පල් ගෙවත් සුභාරංචිය කියවමින් සිටි සිදුවීමක් මුල් කරගනිමිනි.
ඔහු වටකර ගත් පිරිසක් ඊට විරෝධය පළ කරමින් සිටින ආකාරය වීඩියෝ පටවල දැක්වෙනවා.
‘ඔයාලා ඒක අහන්න කැමති නෑ කියලා මට තේරෙනවා, ඒ නිසා මම නිර්දේශ කරන්නේ එයාට ඇහුම්කන් නොදී යන්න කියලා.”
“ඔහු ඉන්නේ ඔයාලගේ ගෙදර නෙවෙයි”
එසේ පවසමින් ඇය මහජන ස්ථානයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ පැහැදිලි කරමින් පිරිස සන්සුන් කිරීමට උත්සහ කරන ආකාරය වීඩියෝපටවල සටහන් වී තිබෙනවා.
මෙම සිද්ධිය රාමසාන් ආරම්භයට දිනකට පෙර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙය සිදු වූයේ බටහිර යුරෝපයේ විශාලතම මුස්ලිම් පල්ලියක් වන නැගෙනහිර ලන්ඩන් පල්ලියට යාර කිහිපයක් දුරිනි. එහි දිනපතා යාඥා සඳහා බැතිමතුන් 7,000 ක් දක්වා නවාතැන් ගන්නා ස්ථානයකි. ක්‍රිස්තියානි දේශකයාට මෙම විරෝධය එල්ල වුණේ එම මුස්ලිම් බැතිමතුන්ගෙන් බවයි වාර්තා වන්නේ.
“This is a muslim area” (මෙය මුස්ලිම් ප්‍රදේශයක් ඔහු අපේ ආගමට අපහාස කරනවා) යැයි ඔවුන් උණුසුම් ගැටුමකට මුල පුරා තිබුණා.
