හයිඩ් පාර්ක් එකේ නුවර පච ගහ වගේ තැන කතාවක් කරන ලෙසට ආරාධනාවක්
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට ආසියාවේ නැගී එන නායකයාගේ දේශනයකට සවන්දීමට තිබුණු දුර්ලභ අවස්ථාවක් අහිමි වී ඇතැයි වාර්තා වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිදු කිරීමට නියමිතව තිබුණු ඔක්ස්ෆර්ඩ් දේශනයක් එරට වාසය කරන දෙමළ ඩයස්පෝරාවේ දැඩි විරෝධය හමුවේ අවලංගු කර ඇති නිසාය.
මීට සති ගණනාවකට පෙර එංගලන්තයේ සුප්‍රසිද්ධ විශ්විද්‍යාල දෙකක් ලෙස සැලකෙන කේම්බ්‍රි හා ඔක්ස්ෆර්ඩ් වෙතින් ඔහුට දේශන සැසි දෙකක් සඳහා ආරධනා කළ බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. එහෙත් දෙමළ විමුක්ති සංවිධානයේ හිතවාදීන්ගේ විරෝධය හේතුවෙන් මීට පෙර කේම්බ්‍රිජ් සංගමයේ සංවිධායකයින් විසින් ඔවුන්ගේ දේශනය අවලංගු කළ අතර ඔක්ස්ෆර්ඩ් සංගමය එය නිල වශයෙන් දැනුම් දී තිබුණේ නැහැ.
එබැවින් එම දේශනය අපේක්ෂාවෙන් නාමල් ඇතුළු කණ්ඩායම ලන්ඩන් නුවර රැඳී සිටියා.
නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ අදයි.
Cambridge සංගමය ද, මීට පෙර නාමල් රාජපක්ෂගේ දේශනය අවලංගු කළේය. එහෙත් අවාසනාවන්ත අයුරින් එම අවස්ථාව ගිලිහී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර එංගලන්තයේ ජීවත්වන මාධ්‍යවේදී උවිඳු කුලකුලසූරිය ඔහුගේ මුහුණු පොතෙන් යෝජනා කර ඇත්තේ නාමල්ට දේශනයක් කිරීම සඳහා සුදුසු තැනක් පවතින බවයි. එය නුවර පචගහ යට වැනි ඕනෑම කෙනෙක්ට නිදහසේ කතා පැවැත්වීමට හැකි තැනක් බව ඔහු පවසා තිබෙනවා.
උවිඳුගේ සටහන මෙසේය.
“ආපු එකේ කොෆී මිලියි සාගරයි එක්ක පකිස් පෙට්ටියක් අරන් හයිඩ් පාර්ක් එකේ Speakers’ Corner එකට ගිහින් පකිස් පෙට්ටිය උඩ නැගල ටෝකක් දෙන්න. එතනට මිනිස්සු කතා අහන්න එනවා. නුවර පච ගහ යට වගේ සෙනග වටවෙනව එතන.”
