ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා තම පුත් අගස්තියාට ඉන්දීය රුපියල් කෝටි 4ක් වටිනා ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් තෑගි කට තිබෙනවා.
ඔහුගේ හිටපු බිරිඳ නටාෂා ස්ටැන්කොවිච් හා අගස්තියා මුම්බායි හි ප්‍රදර්ශනාගරයකින් එම මෝටර් රථය ලබා ගෙන තිබුණා.
2024 ජුලි මාසයේදී හර්දික් හා නටාෂා ඔවුන්ගේ විවාහයෙන් වෙන් වුණේ දරුවාගේ සම අයිතිය බෙදා ගනිමිනි. වාර්තා වූ ආකාරයට නටාෂා වෙනත් පුද්ගලයකු සමඟ සබඳතාවක් ආරම්භ කිරීම ඔවුන්ගේ විවාහය දෙදර යාමට හේතු වී තිබුණා.
බොහෝ දෙනෙක් හර්දික්ගේ උතුම් මනුස්සකම අගය කරමින් ප්‍රශංසා කරමින් සිටිනවා.
