ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉස්ලාමීය ජනරජයට එක්සත් ජනපදය එල්ල කරනු ලැබූ ප්‍රහාරයකදී තමාට ජීවිත පරිත්‍යාගයක් සිදු කිරීමට සිදු වුවහොත්, පාලන තන්ත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බලය හුවමාරු විය යුතු ආකාරය සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවකට අනුව ඔහු ඒ සඳහා අභ්‍යන්තරිකයින් කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර, ඔවුන්ගෙන් වඩාත් කැපී පෙනෙන තැනැත්තා වන්නේ දැනට උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා වන ප්‍රවීණ දේශපාලනඥයා අලි ලැරිජානිය.
ඒ අනුව උත්තරීතර නායකයා අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් තමා ඝාතනය කළහොත් බල සංක්‍රාන්තිය සිදු විය යුතු ආකාරය හා අමෙරිකාව සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ නම් එය සිදු කළ යුතු ආකාරය පිළිබඳ ලැරිජානි ඇතුළු නායකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
67 වියේ පසුවන ලැරිජානි ඉරානයේ දේශපාලන හා ආරක්ෂක ප්‍රතිපත්තීන් සකස් කිරීම සහ සාකච්ඡා කිරීමේ ප්‍රධාන චරිතයකි. ඔහු අධ්‍යාත්මික නායකයා විසින් සූදානම් කළ යුධ හා පාලන සැලසුම් වල වැදගත් භූමිකාවක් ඉටු කරන අතර අවස්ථා අනුව එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට හෝ ජාත්‍යන්තර තීරණ වලදී වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි වාර්තා වන්නේ.
වර්තමාන ප්‍රචණ්ඩ අවදානම් අතරතුර ඔහු රුසියාව, කටාර් සහ ඕමාන් ආදී රටවල් සමඟ ද සාකච්ඡා කරමින් ඉරානයේ ජ්‍යාත්‍යන්තර භූමිකා හසුරුවන ලබන බව ද සඳහන්ය.
මෙම තීරණය සමඟ ඉරානයේ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ බලයද බොහෝ සෙයින් අඩු වන අතර ප්‍රධාන තීරණ ගැනීමේ බලය ලැරිජානි වෙත බොහෝ ලෙස හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.
