ඩඩ්ලි හා මිත්‍රපාල අතර හෙලිකොප්ටර් යුද්ධය පුස්සක් වෙයිද?

සිවිල් ගුවන් සේවා අධිකාරියට තවම කිසිම දැනුම් දීමක් සිදු කර නැහැ

සහල් මෝල් හිමියන් දෙදෙනෙකු ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස කෝටිපති ව්‍යාපාරිකයන් බවට පත් වූ ඩඩ්ලි සිරිසේන සහ මිත්‍රපාල ලංකේශ්වර ගුවන් යානා මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවට ප්‍රචාරයක් පැවතියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සම්බන්ධ වී නොමැති බව එම අධිකාරියේ නිලධාරියෙක් පවසා තිබෙනවා.

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සහ මිත්‍රපාල ලංකේශ්වර ප්‍රකාශ කර ඇත්තේ තමන් පෞද්ගලික හා වාණිජමය කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට අදහස් කරන බවයි. ඒ සඳහා තමා අමෙරිකාවට යන බවයි ඔහු පවසා තිබුණේ.

දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ගුවන් යානා භාවිතා කරන්නේ නම් නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් බලපත්‍ර ලබා ගත යුතුය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ එම ක්‍රියාමාර්ග සඳහා දෙපාර්ශවයෙන්ම කිසිවකු තම ආයතනය සමඟ සම්බන්ධ වී නොමැති බවයි.

“ඕනෑම කෙනෙකුට ගුවන් ප්‍රදර්ශන සඳහා ගොස් ගුවන් යානා නැරඹිය හැකියි, නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන් ගුවන් යානයක් මිලදී ගෙන ඇති බව නොවේ. පළමු දෙය නම් ඔවුන් ගුවන් සේවයක් ආරම්භ කරන බව අපට දැනුම් දිය යුතුයි.” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!