ඉරානයට පහර දීමට පෙර අමෙරිකානු හමුදාවට ලබා දෙන අවසන් ආහාර වේල ලබා දෙයි..?

එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න වෙමින් පවතිද්දී ඉරානය දෙසට අමෙරිකාව මෙහෙයවා ඇති හමුදා බල ඇණිවල විශේෂ වෙනසක් දක්නට ලැබුණු බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවලට අනුව හමුදා භටයින්ට සුවිශේෂී ආහාර වේලක් පිළිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙය සමාජ මාධ්‍යවලද විශාල ලෙස කතාබහට ලක් වෙමින් තිබෙනවා.

Steak වැනි උසස් තත්ත්වයේ මස් කොටස්, පොකිරිස්සන්, කකුළුවන් සහ Pie වලින් සමන්විත හමුදා නිලධාරීන්ට පිළිගන්වන ලද ආහාර වේලක රූපයක් පෙන්වන ගුප්ත සටහනක් පළ වීම එම කතාබහට හේතුවයි.

යුද කලාපවලට යෙදවීමට පෙර Last Meal එනම් ‘අවසාන ආහාර වේලක්’ ලබා දීම යුධ සම්ප්‍රදායක් ලෙස සැලකෙන අතර මේ අනුව මෙය ඉරානයට පහර දීමට පෙර අමෙරිකානු සොල්දාදුවන් සඳහා එම චාරිත්‍රය ඉටු කිරීමක් විය හැකි යැයි බොහෝ දෙනෙක් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයන්හි පළවන පෝස්ටුව නිවැරදි බව අමෙරිකාව හෝ ආරක්ෂක අංශ විසින් තහවුරු කර නැහැ.

“Surf-and-turf” (මස් හා මුහුදු ආහාර) වැනි උසස් ආහාර ඇමෙරිකානු හමුදා භටයින්ට විශේෂ අවස්ථා,සැමරුම් වැනි උත්සවවලදී ද පිළිගන්වන බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!