මෙක්සිකෝවේ පාතාල රජු El Mencho ඝාතනයේ මහා මොළකාරිය පෙම්වතිය බව හෙළි වේ

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් නායක නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් වඩා ප්‍රචලිත ‘El Mencho’ යන නමිනි.

ඉරිදා (පෙබරවාරි 22) එක්සත් ජනපද බුද්ධි අංශවල සහාය ඇතිව මෙක්සිකානු විශේෂ බලකායන් විසින් 59 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, ඔහු අත් අඩංගුවට පත් වීමෙන් පසු ඝාතනය වු බවයි වාර්තා වුණේ.

ඔහු අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ඔහු සිටින තැන හඳුනා ගැනීමට නිවැරදි බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඇගේ පෙම්වතිය බව මෙක්සිකෝ රජය තහවුරු කර තිබෙනවා.

මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක ලේකම් ජෙනරාල් රිකාඩෝ ට්‍රෙවිල්ලා ට්‍රෙජෝ සඳුදා (පෙබරවාරි 23) මාධ්‍ය හමුවක් පවත්වා El Mencho අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරනු ලැබුවා.

ජ්‍යාත්‍යන්තර වශයෙන් අවශ්‍යකර සිටි ජාවාමාරම්කරුගේ විශ්වාසදායක සහකරුවෙකු මාර්ගයෙන් පසුගිය සිකුරාදා ඔහු සිටින ස්ථානය සොයා ගත් බවයි එහිදී පැවසුණේ.

පෙබරවාරි 21 වැනිදා ඇය එම ස්ථානයෙන් ඉවත්ව ඇති බවත් ඔහු එම ස්ථානයේ සිටින බවට තොරතුරු ලැබුණු බවත් ඔහු කියා සිටියා.

රටේ බලවත්ම සහ බිය උපදවන අපරාධ සංවිධානවලින් එකක් වන Jalisco New Generation Cartel (CJNG) අපරාධ සංවිධානයේ නායකයා El Menchoය.

මෙම සංවිධානය මෙක්සිකානු ප්‍රාන්ත 23 ක් සහ එක්සත් ජනපද නගර කිහිපයක් දක්වා ව්‍යාප්ත වූ අපරාධ සංවිධානයක් ලෙසයි සැලකෙන්නේ.

මෙක්සිකෝවේ හිටපු මත්ද්‍රව්‍ය කල්ලි නායකයා වන El Chapo Guzmanගේ නව අවතාරයක් ලෙස ද සැලකෙන El Chapo රහසිගත කඳුකර ජීවිතයක් ගත කළ අතර වරක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්‍ට ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් නියම කර තිබුණා.

ඔහුගේ ඝාතනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ කල්ලියේ සාමාජිකයින් මෙක්සිකෝව පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක බිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට කටයුතු කළා.

සිය නායකයා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස CJNG සාමාජිකයින් ව්‍යාපාර, වාහන ගිනි තබමින් නගර ගිනිබත් කිරීමට කටයුතු කර තිබුණා.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, පාතාල කල්ලි හා ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් ආරක්ෂක අංශ සාමාජිකයින් හයකට අධික සංඛ්‍යාවක් ඝාතනය වී තිබෙනවා.

අන්තර්ජාලයේ බෙදාගත් වීඩියෝ දර්ශනවල මෙක්සිකෝවේ ඇතැම් සංචාරක නවාතැන් පවා ගිනිබත් කර ඇති බවයි වාර්තා වුණේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම සිදුවීම්වලින් පසු මෙක්සිකෝවේ සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසයි.

ජ්‍යාත්‍යන්තර ගුවන් සේවා ගණනාවක් මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ ගමන් වාර අවලංගු කිරීම හේතුවෙන් විදේශිකයන් බොහෝ දෙනෙකුට රට තුල කොටුවීමට සිදුවූ බවද ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම ඝාතනයෙන් පසු රටපුරා ඇති වුණු කැළඹීම් හමුවේ මෙක්සිකානු ජනාධිපති ක්ලවුඩියා ෂෙයින්බෝම් සන්සුන්ව සිටින ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!