රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයා සතු දැනුම ලබා ගැනීමට අනාගත පරපුරට නොහැකි වේය යන විශාල බයක් තමා තුළ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ස්මාර්ට් එක්සත් ජාතික පක්ෂය මේවන විට විවිධ විෂයන් සම්බන්ධයෙන් ඔහු තුළ පවතින දැනුම මතු පරපුරට දායාද කිරීම සඳහා ‘Read with Ranil’ එනම් රනිල්ගෙන් කියවගමු යන වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු කර ඇති බව ඔහු පවසා තිබෙනවා.
එහි පළමු වැඩසටහන 19 වැනිදා පැවැත්වෙන බව ඔහු පවසා ඇත්‍තේ මාධ්‍ය හමුවක් අමතමිනි.
“මට ලොකු බයක් තියෙනවා, රනිල් කියන දාර්ශනිකයාගේ දැනුම එක මිනිහෙක් හරි අරගන්නෙ නැතිව ලංකාවට අහිමි වෙයිකියලා. මම කැමතියි අවුරුදු 20-25 ළමයි ඒ දැනුම ගන්නවට. මොකද තව වැඩිම වුනොත් තව අවුරුදු පහක් ඒ දැනුම ගන්න පුළුවන් වෙයි. හෘද සාක්ෂියට තට්ටු කරල බැලුවොත් හොඳටම දැනුම තියෙන නායකයෙකුට ඉන්නෙ රනිල් වික්‍රමසිංහ..”
එමෙන්ම මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැනනැගී ඇති නීති ප්‍රශ්නය ගමන් කරන ආකාරය එතරම් හොඳ නැති බවක් පෙනී යන බවත් මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු ජ්‍යාත්‍යන්තර ආයතන මෙන්ම සියලුම තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී පවසා තිබෙනවා.
රට අරාජික වුණු අවස්ථාවේ රට බේරා ගත් විශ්ව කර්මයකු බඳු නායකයෙක් අරබයා එවැනි දේශපාලන පළිගැනීමක් සිදු කිරීමට ඉඩ තැබිය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙන්වා.
