විජේ-රශ්මිකා විවාහයේ ආරාධිතයන්ට ෆෝන් තහනම්.. නිල ඡායාරූප ශිල්පීන්ට දැඩි කොන්දේසි.. තෑගි එපා… හනිමූන් එක මාසයයි…

වසර ගණනාවක් පුරා පැවති කතාබස්වලින් අනතුරුව මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන දැවැන්තම විවාහ උත්සවයට සියල්ල සූදානම්ය.

ප්‍රේම සබඳතාවක් පිළිබඳ කෙතරම් කටකතා පැවැතුණත් කිසිම විටක ඒ පිළිබඳ නිල වශයෙන් තහවුරු නොකළ විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එය අනාවරණය කරේ ඔවුන්ගේ බැඳීමට අපූරු වටිනාකමක් එක් කරමිනි.

ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ආකාරයට ‘The wedding of VIROSH’ විවාහ උත්සවය පෙබරවාරි 26 වනදා ඉන්දියාවේ Udaipur නගරයේදී පැවැත්වීමට නියමිතය.

උත්සව කටයුතු පෙබරවාරි 24 දින සිට ආරම්භ වන බව සඳහන් වෙනවා. එය පැවැත්වෙන්නේ රාජකීය අලංකාරයෙන් යුත් ස්ථානයක් ලෙසත් “ඉන්දියාවේ විවාහ නගර‍ය” ලෙසත් හැඳින්වෙන Rajasthan ප්‍රාන්තයේය.

📵 දැඩි “No-Phone” ප්‍රතිපත්තියක්

වාර්තා වන ආකාරයට ඔවුන්ගේ විවාහයේ විශේෂත්වය වන්නේ දැඩි දුරකථන තහනමක් ක්‍රියාත්මක කිරීමයි. උත්සවයට පැමිණෙන කිසිදු ආරාධිතයෙකුට ජංගම දුරකථන රැගෙන ඒමට අවසර නොලැබෙන අතර, නිල ඡායාරූප හා වීඩියෝ කණ්ඩායමද රහස්‍යතා ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වෙනවා.

එමඟින් සජීවී විකාශන, රහස් තොරතුරු හෝ උත්සවයේ ඇතුළත දර්ශන පිටවීම සම්පූර්ණයෙන් වැළැක්වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වාර්තා පළ වූ ආකාරයට Netflix සමාගම ඔවුන්ගේ විවාහයේ අයිතිය ලබා ගැනීමට ඉන්දියානු කෝටි 60ක මුදලක් ලබා දීමට යෝජනා කළත් ඔවුන් එය ද ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අපේ විවාහය මිල කළ නොහැකියි යනුවෙන් සඳහන් කරමිනි.

✅සීමිත ආරාධිත ලැයිස්තුවක්

මෙය සාමාන්‍ය ඉන්දීය සිනමා තරු විවාහයක් ලෙස පැවැත්වෙන්නේ නැහැ. මෙම උත්සවයට චිත්‍රපට ක්ෂේත්‍රයේ මිතුරන් හෝ නළු නිළියන් කිසිවෙකුට ආරාධනා කර නොමැති බව සඳහන් වෙනවා.

ආරාධිත ලැයිස්තුව සීමා වී ඇත්තේ ආසන්න පවුල් සාමාජිකයන් සහ අතිශය සමීප මිතුරන් කිහිප දෙනෙකුට පමණි.

සම්ප්‍රදායන්ට ගරු කරමින් විවාහයට පෙර සම්ප්‍රදායික උත්සව දෙකක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. රශ්මිකාගේ මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් ඇයගේ නිවසේ පැවැත්වූ උත්සවයක් සහ විජේගේ පවුල විසින් සංවිධානය කළ වෙනත් උත්සවයක් ඒ අතර වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ, යුවළ විසින්ම මිතුරන් වෙත අතින් ලියූ සටහන් යවමින් තෑගි ගෙන නොඑන ලෙසත්, ආශිර්වාද පමණක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටීමයි.

විවාහයෙන් අනතුරුව මාසයක කාලයක් වෘත්තීය කටයුතු වලින් විවේක ගනිමින් එකට කාලය ගත කිරීමට දෙදෙනාම සැලසුම් කර ඇති බවද ඒ අතර වාර්තා වන සුවිශේෂී පුවතකි.

විවාහ උත්සවය පෞද්ගලිකව පැවැත්වුණද, රසිකයන් සහ සිනමා ක්ෂේත්‍රයේ සහෝදරයින් සඳහා මාර්තු 4 වනදා Hyderabad නගරයේ විශාල ආරාධිත සම්භාවන උත්සවයක් පැවැත්වීමට නියමිත බවද ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

විවාහය සඳහා දෙදෙනාම Udaipur වෙත පැමිණෙන දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතින ආකාරය දැක ගත හැකිය.

Latest News

error: Content is protected !!