විශ්‍රාම වැටුප කප්පාද කිරීමෙන් හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගෙන් 200කට ආසන්න පිරිසක් ජීවත්වීමට කිසිම ආදායමක් නොමැතිව අන්ත අසරණව සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසනවා.
මන්ත්‍රී විශ්‍රාමයෙන් යැපුණු ආබාධිත දරුවන් කිහිප දෙනෙකුද අසරණව සිටින බවයි ඔහු පවසන්නේ
ඔවුන් නිතර තම සංගමයට කතා කරමින් දුක් ගැනවිලි ප්‍රකාශ කරන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් ආණ්ඩුව පළවා හරින ලෙස ඉල්ලා පොල් ගසා දේව කන්නලව් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ ආරම්භ කරන බව බවද ඔහු කියා සිටිනවා.
එම වැඩසටහන ආරම්භ කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.
පොල් ගසා දේව කන්නලව් කිරීමේ වැඩසටහන දිවයිනේ සියලු ප්‍රදේශවලදී ක්‍රියාත්මක කරන බව කියන හිටපු මන්ත්‍රීවරයා ඒ සඳහා විශ්‍රාමික මන්ත්‍රීවරුන් බහුතරයක් සිය කැමැත්ත පළ කර ඇති බව පවසනවා.
විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් හිටපු මන්ත්‍රීවරුන් 300 වැඩි පිරිසකටත් ඔවුන්ගේ කලත්‍රයන් 200කට ආසන්න පිරිසකටත් දරුවන් 7 දෙනෙකුටත් විශ්‍රාම වැටුප් අහෝසි වූ බවයි සඳහන් වන්නේ.
