බිරිඳගේ පැය 23ක දරු ප්‍රසූතිය සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කළ චීන ඉන්ෆ්ලුවෙන්සර්ට විවේචන

අධික ලෙස ලේ වහනය වන අතරතුර ඩයපර්ස් ඇඩ් කියවලා…

බිරිඳගේ දරු ප්‍රසූති වීඩියෝව සම්පූර්ණයෙන් සමාජ මාධ්‍යයක පළ කළ චීන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

“Paul in USA” ලෙස ජනප්‍රිය මෙම ඉන්ෆ්ලුවෙන්සර් සිය බිරිඳගේ පැය 23ක දරු ප්‍රසූතිය මුළුමනින්ම Douyin වේදිකාවට මුදා හැර තිබෙනවා.

ඔහු කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා, මයික්‍රොසොෆ්ට් හි කළමනාකරුවෙකු ලෙස කටයුතු කරනු ලැබූ අතර මේ වන විට Douyin හි ඔහුට Follwers මිලියන 12.2 ක් සිටින බව සඳහන්ය.

පැය 23ක දරු ප්‍රසූති වීඩියෝවේ බිරිඳගේ නිරුවත් සිරුර හා දරුණු රුධිර වහනයක් (රුධිරය මිලි ලීටර් 3344 ක් අහිමි වීම) ඇතුළත් බවයි සඳහන් වන්නේ.

වාසනාවකට මව සහ දරුවා සුරක්ෂිත වුවත් බිරිඳගේ රුධිර පාරවියලනය අතරතුර ඔහු ඩයපර් ඇඩ් එකක් කියවූ බවට විවේචන එල්ල වෙනවා.

මෙය “නිර්ලජ්ජිත අලෙවිකරණයක්” ලෙස යි විවේචනය කර ඇත්තේ.

පසුව ඔහුගේ බිරිඳ ආරක්ෂා බවට ප්‍රකාශයක් නිකුත් කළද, පෙබරවාරි 11 වනදා ඔහුගේ ගිණුම් Weibo සහ Douyin වලින් තහනම් කර තිබෙනවා.

මෙම සිදුවීම චීනයේ පුද්ගලික ආචාර ධර්ම පිළිබඳ විශාල විවාදයක් ඇති කර ඇති බවද වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!