Victoria’s Secret, Adidas වැනි නිෂ්පාදන කරන මාස් හෝල්ඩින්ග්ස් වසා දැමීම ආර්ථිකයට මරු පහරක් විය හැකියි..

මාස් හෝල්ඩින්ග්ස් (Mas Holdings) සමාගමට අයත් කර්මාන්තශාලා දෙකක් වසා දැමීම ශ්‍රී ලංකා ආර්ථිකයට පහරක් විය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 26,000 කට රැකියා අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් ගෙනයාම දේශීය කාර්මික අංශයට තවත් පහරක් වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කුප්පියාවත්තේ පැවති උත්සවයක් අතරතුර විපක්ෂානයකවරයා මේ බව සඳහන් කළා.

“මාස් හෝල්ඩින්ග්ස් සමාගම මගේ පියා වූ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් හඳුන්වා දුන් ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සමාගම්වලින් එකක්. Victoria’s Secret, Adidas සහ Calvin Cline වැනි ලෝක ප්‍රකට වෙළඳ නාම නිෂ්පාදනය කිරීමට මාස් හෝල්ඩින්ග්ස් කර්මාන්තශාලා අතීතයේ දී සමත් වුණා. ශ්‍රී ලංකාවට දැන් මෙම වෙළඳ නාම නිෂ්පාදනය කිරීමේ අවස්ථාව අහිමි කරමින් සිටින බව පෙනෙනවා” යයි ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!