දේවරකොණ්ඩා පවුල ලේලියගෙන් බලාපොරොත්තු වෙන දේවල්..
විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනාගේ විවාහයේ පූර්ව උත්සව මේ වන විට උදයිපූර්වල ආරම්භ වී තිබෙනවා.
ඒ සමඟ ඔවුන්ගේ පැරණි වීඩියෝපට සම්මුඛ සාකච්ඡා, චිත්‍රපටවල ප්‍රේම ජවනිකා සමාජ මාධ්‍යවල නැවත වතාවක් උඩට මතු වී ඇති ආකාරය දැකගත හැකියි.
ඔවුන් දෙදෙනා පෙබරවාරි 26 වෙනිදාට යෙදෙන මංගල නැකතින් අතිනත ගන්නේ උදයිපූර් නගරයෙන් කි.මි 25ක් පමණ දුරින් පිහිටි සුඛෝපභෝගී ITC Mementos Udaipur නම් තරු පන්ති හෝටලයේදීය.
මේ වන විට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී ඇත්තේ 2018 වසරේදී Geetha Givindam චිත්‍රපටයේ උත්සවයක් අතර විජේගේ මව මාධවී කළ ප්‍රකාශයකටයි.
එහිදී ඇයගෙන් නිවේදිකාවක් විමසා තිබුණේ අනාගත සිහින ලේලියගෙන් බලාපොරොත්තු වන ගුණාංග මොනවද කියාය.
එහිදී විජේගේ මව සඳහන් කර තිබුණේ මගේ පුතා හොඳින් බලාගන්න පුළුවන් ලේලියක් මට ප්‍රමාණවත් කියයා.
ඇය තවදුරටත් පැවසුවේ ඇය ඔහුට බෙහෙවින්ම ආදරය කළ යුතු බවයි. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉන්නා නිසා ඔහුගේ වෘත්තිය ජීවිතය තේරුම් ගන්නා තරුණියක් විය යුතු බවයි.
විජේගේ පියා ගෝවර්ධන් නම් ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ ඔහු කැමති කෙනෙක් විවාහ කරගත්තොත් මට ප්‍රශ්නයක් නැහැ කියාය. “ඔහු ඉන්දියානු විශේෂයෙන්ම දකුණු ඉන්දියානු කෙනෙකු විවාහ කරගත්තොත් මට සතුටුයි.” යනුවෙන්ද ඔහු පවසා තිබුණා.
“Love marriage only” 💚
එම අවස්ථාවේදී විජේ කියා තිබුණේ තමා arranged marriage සඳහා නොව, love marriage විශ්වාස කරන බවයි.
“Love marriage only… හැබැයි මගේ දෙමාපියන්ටත් ඇය ගැන ආදරය තිබිය යුතුයි” යනුවෙන් ඔහු පවසා තිබුණා.
