රෂ්මිකා විජේගෙන් ජනප්‍රියම කවුද?

දකුණු ඉන්දීය සිනමාවේ රෂ්මිකා මන්දනා හා විජය දේවරකොණ්ඩා එකිනෙකා සන්සන්දනය කිරීමට බැරි තරම් ජනප්‍රියත්වය මුදුනේ සිටින තාරකා දෙකකි.

ඔවුන්ගේ VIROSH ලෙස නම් කරන ලද විවාහ උත්සවය මධ්‍යයේ ඔවුන් දෙදෙනා ගැන මිනිස්සු කතා නොකරන දෙයක් නොමැති තරම්ය.

ඒ තරමට රසිකයෝ උමතුවෙන් ඔවුන්ගේ විවාහය දෙස බලා සිටින විට දෙදෙනාගෙන් වැඩියෙන්ම ජනප්‍රිය කවුද කියා ගණන් හදමින් සිටින්නේද රසිකයින්ය. ලෝකය පුරා මාධ්‍ය ආයතන ඔවුන් විවාහයට උදයිපූර් වෙත ළඟා වූ තැන සිට සියලු දේ වාර්තා කරමින් සිටිනවා.

ඔවුන්ගේ චිත්‍රපට සාර්ථක වී ඇති ආකාරය මෙන්ම සමාජ මාධ්‍යවල සිටින Followersලා ගණනින් එය මැනීමට පවා ඇතැම් අය පෙළඹී ඇති ආකාරය දැකගත හැකියි.

Instagram හි වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ කාටද?

සමාජ මාධ්‍ය යුගයේ, විශේෂයෙන් Instagram වැනි වේදිකාවක, followers ගණන තරු නළු නිළියන්ගේ ජනප්‍රියත්වය මැන බැලීමේ මාපකයක් ලෙස සැලකිය හැකිය.

Instagram සංඛ්‍යාලේඛන අනුව රෂ්මිකා මන්දනාට අනුගාමිකයන් මිලියන 48.9ක් සිටින අතර දේවරකොන්ඩාට සිටින්නේ අනුගාමිකයන් මිලියන 22.1ක් පමණි.

මෙම සංඛ්‍යා අනුව බැලූ විට, Instagram හි විජය දේවරකොන්ඩාට වඩා දෙගුණයකටත් අධික අනුගාමික පිරිසක් සතු කරගෙන සිටින්නේ මන්දනාය.

ඇය දකුණු ඉන්දීය සහ බොලිවුඩ් සිනමාවේ Instagram හි වැඩිම අනුගාමිකයන් හිමි ඉන්දියානු නිළියන්ගෙන් එක් අයෙකු ලෙසද සැලකෙනවා.

Latest News

error: Content is protected !!