ඡායාරූප ප්‍රසිද්ධ නොකරන බව කී විජේ රශ්මිකාගේ විවාහයේ පූර්ව සැමරුම් අවස්ථා ඉන්ස්ටග්‍රෑම් එකේ…

වසරේ විවාහ මංගල්‍යය බවට පත් වී ඇති විජය දේවරකොණ්ඩා හා රශ්මිකා මන්දනාගේ විවාහ සැමරුමේ කොටසක් ලෙස “Virosh Premier League” නම් ක්‍රිකට් උත්සවක් පවත්වා තිබෙනවා.

ඔවුන්ගේ Instergram Stories වල එම අවස්ථාවේ කෙටි දර්ශන ඇතුළත් ඡායාරූප පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

විජේ විසින් බෙදා ගන්නා ලද ඡායාරූපයක ඔවුන්ගේ විවාහ දිනය 2026.02.26 ලෙස සටහන් වුණා.

ඔබ තවමත් දැක නැති “Virosh Premier League” මෙතැනින් නරඹන ලෙස ද එහි සටහන් කර තිබෙනවා.

ක්‍රිකට් තරගය ඔවුන්ගේ රසිකයින් සතුටු කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඔවුන් මේ වන විට යොදා ඇති කොන්දේසි අනුව නම් ඔවුන්ගේ රසිකයින්ට නිල විවාහ උත්සවයේ කිසිදු දර්ශනයක් දැක ගැනීමට හැකි වන්නේ නැහැ.

2026.02.26 පැවැත්වීමට නියමිත විවාහය සඳහා පැමිණෙන ආරාධිත අමුත්තන්ට ජංගම දුරකථන රැගෙන ඒම පවා තහනම් කර තිබෙනවා.

නිල ඡායාරූප ශිල්පීන්ට උත්සවයේ කිසිදු ඡායාරූපයක් වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කළ නොහැකි වන සේ රහස්‍ය ගිවිසුමක් අත්සන් කර ඇති බවද සඳහන් ය.

Latest News

error: Content is protected !!