මහා බ්‍රිතාන්‍ය තුළ මේ සතියේ “Blood Rain” ලෙස හැඳින්වෙන විශේෂ දේශගුණික තත්ත්වයක් දැකිය හැකි බව කාලගුණ විශේෂඥයින් පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වැසි බිංදු රතු හෝ දම් පැහැයක් ගන්නා අතර, රතු සහ තැඹිලි පැහැයෙන් ද දිස්විය හැකි බවයි සඳහන් වන්නේ.
මෙය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ නම් උතුරු අප්‍රිකාවේ පිහිටි ‘සහරා’ කාන්තාරය ප්‍රදේශයෙන් උඩට එසවෙන දූවිලි ප්‍රවාහ වායුගෝලය හරහා යුරෝපය ඔස්සේ එංගලන්තය වෙත ගෙන ඒම මෙයින් සිදු වෙනවා.
මෙම දූවිලි ප්‍රවාහ වැසි වලාකුළු සමඟ මිශ්‍ර වන විට, වැසි බිංදු රතු පැහැයෙන් පෙනීම සිදුවෙනවා.
කෙසේ වෙතත්, මෙය සැබෑ රුධිරයක් නොව, දූවිලි මිශ්‍රිත ජලය පමණක් බව විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා.
ජාතික කාලගුණ සේවාව සඳහන් කර ඇත්තේ, මෙම දූවිලි තත්ත්වය හේතුවෙන් වාහන සහ ගොඩනැගිලි මතුපිට රතු-කහ පැහැති ලප තැන්පත් විය හැකි බවයි.
