ආත්ම හතක් එකට පියවර තැබීමට සූදානම් වන රෂ්මිකා හා විජේට අගමැති මෝදිගෙන් සුබ පැතුම්…

2026 පෙබරවාරි 26 වන දින එනම් හෙට දින පැවැත්වීමට නියමිත රෂ්මිකා මන්දනා හා විජය දේවරකොණ්ඩාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුභ පැතුම් යවා තිබෙනවා.

උදයිපූර් හි ITC Mementos හි පැවැත්වෙන උත්සවයට සමීප මිතුරන් සහ පවුලේ අය සහභාගී වන අතර අගමැතිවරයා පවුල් දෙකටම සුබ පැතුම් පණිවිඩයක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

2026 පෙබරවාරි 26 වන දින පැවැත්වීමට නියමිත විජේ සහ රෂ්මිකාගේ විවාහ මංගල්‍යයට ආරාධනා කිරීම පිළිබඳව අගැමතිවරයා සිය ප්‍රණාමය පළ කළ ඇති අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන් පවුල් දෙකටම සුබ පතන බව එහි පවසා තිබෙනවා.

“විජය සහ රශ්මිකාගේ ජීවිතයේ නව, සුන්දර පරිච්ඡේදයක ආරම්භය මෙය සනිටුහන් කරයි. එකට පියවර හතක් තැබීමෙන්, ආත්ම හතක් එකට සිටීමට පොරොන්දු වෙන ඔබ දෙපළ ජීවිත කාලය පුරාම මිතුරන් බවට පත්වේ” යනුවෙන් අගමැතිවරයා විවාහය වැදගත් සන්ධිස්ථානයක් ලෙස විස්තර කර ඇති බව සඳහන්ය.

ආදරයෙන් හා සෙනෙහසින් පිරුණු ඔවුන්ගේ සැබෑ ජීවිතයේ මෙම දිව්‍යමය වශයෙන් තිර රචනය කරන ලද පරිච්ඡේදය නිසැකවම ඔවුන් රිදී තිරයේ නිර්මාණය කළ මායාව අභිබවා යනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!