විජේ හා රෂ්මිකා විවාහය පැවැත්වෙන හෝටලය අසල කඳවුරුලා සිටින පැපරාසින් පිළිගනී.. දින තුනම බුෆේ දොරටුත් අරියි…

උදයිපූර් හි සුඛෝපභෝගී හෝටලයකදී විවාහ වීමට නියමිත නළු විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දනා, පැපරාසීන්ට සහ එම ස්ථානයේ රැඳී සිටින මාධ්‍යවේදීන්ට විවාහය පැවැත්වෙන දින තුනේදීම දිවා රාත්‍රී ආහාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ දැඩි මාධ්‍ය වාරණයක් හමුවේ පවා විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වෙන හෝටලය අසලට වී බලා සිටින පැපරාසි මාධ්‍යවේදීන් ගැන අනුකම්පාවෙන්ය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුවා රෂ්මිකා සහ විජේ ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඉතාම පෞද්ගලික ලෙස පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

අවම වශයෙන් ආරාධිත අමුත්තෙකුට හෝ ජංගම දුරකථනයක් රැගෙන ඒමට තහනම් බව පැවසෙනවා.

නෙට්ෆ්ලික්ස් සමාගමෙන් ඔවුන්ගේ විවාහය විකාශය කිරීමේ අයිතිය ඉල්ලා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ ඉන්දිය රුපියල් කෝටි 60කට පයින් ගසමින්ය.

දැඩි ආරක්ෂක බාධක නිසා පැපරාසින්ට ඔවුන් අසලට ළංවීමටවත් හැකියාවක් ලැබී නැහැ. එහෙත් විජේ සහ රෂ්මිකා ඔවුන් උණුසුම් ලෙස පිළිගෙන පැපරාසි මාධ්‍යවේදීන් සැමරුම්වල කොටසක් කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ඉතා හෘදයාංගම සිදුවීමක් වන්නේ පැපරාසි මාධ්‍යකරුවන් බොහෝ ජනප්‍රිය නළු නිළියන් විසින් කරදරයක් ලෙස සලකමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බැවිණි.

විවාහ උත්සවය වටා පුළුල් ආරක්ෂක විධිවිධාන තරකර ඇති බව ද වාර්තා වෙනවා. රසිකයන් ආකර්ෂණය කර ගෙන ඇති ඉහළ පෙළේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සහ වීඩියෝ කාන්දු වීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන යානා සීමා කිරීම ද ආරක්ෂක විධිවිධානයට ඇතුළත්ය.

Latest News

error: Content is protected !!